5. 5. 4. 6.
6. යථාගතාවාසික සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
36. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්?
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්රද්ධාවෙන් දුන් දෙය ඉවත දමාද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී.
5. 5. 4. 7.
7. අවණ්ණභාසවාසික සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
37. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ, ආවාසයෙහි බලවත් ගිජුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තේ වේද, ශ්රද්ධාවෙන් දුන් දෙය විනාශ කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදියි. කවර පසකින්ද යත්?
දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක්, ආවාසයෙහි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තෙක්, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, ශ්රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී.
5. 5. 4. 8.
8. මච්ඡරා වාසික සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
38. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්?
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
දැන නොසොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන නොසොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් නැත්තේ වේද, කුලයන්හි මසුරුකම් නැත්තේ වේද, ලාභයන්හි මසුරුකම් නැත්තේ වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී.
5. 5. 4. 9.
9. සද්ධාදෙය්ය විනිපාතක සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
39. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම ඇත්තේ වේද, ගුණවර්ණනායෙහි මසුරුකම ඇත්තේ වේද, ශ්රද්ධාවෙන් දුන් දෙය විනාශ කෙර්ද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.