5. 5. 4. 10.
10. ආසා මච්ඡරී සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
40. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ වේද, ධර්‍මයෙහි මසුරුකම් ඇත්තේ වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී. කවර පසකින්ද යත්?
ආවාසයන්හි මසුරුකම් ඇති නොවේද, කුලයන්හි මසුරුකම් ඇති නොවේද, ලාභයන්හි මසුරුකම් ඇති නොවේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇති නොවේද, ධර්‍මයෙහි මසුරුකම් ඇති නොවේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
විසි හතරවැනි ආවාසික වර්‍ගය නිමි.
එහි උද්දානය:
අභාවනීය, පිය, සෝභන ද, බහූපකාර, අනුකම්පක ද, යථාභත යනාදී අවණ්ණාරහ සූත්‍ර තුන ද, මච්ඡරිය සූත්‍ර දෙක ද මෙහි කියන ලදී.
(25) 5. දුච්චරිත වර්‍ගය
5. 5. 5. 1.
1. දුච්චරිතාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
241. “මහණෙනි, මේ දුශ්චරිතයෙහි දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.
“මහණෙනි, මේ දුශ්චරිතයෙහි දෝෂ පසක් වෙත්.
“මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.”
“මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 2.
2. කාය දුච්චරිතාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
242. “මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි. “මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.” “මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 3.
3. වචී දුච්චරිතාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
243. “මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි. “මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, වාග් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.” “මහණෙනි, වාග් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 5. 4.
4. මනො දුච්චරිතාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
244. “මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි. “මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්. “කවර පසක්ද යත්?
තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.”
“මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.