5. 4. 5. 2.
2. වුද්ධාපචායන සූත්රය
සැවැත් නුවර නිදානයි
43. “ඉක්බිති දොාණ නම් බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්නාවූම දොාණ නම් බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, ශ්රමණ භවත් ගෞතමතෙම ජරාවෙන් ජීර්ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද, යන මෙය මා විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය එසේමය. භවත් ගෞතම තෙමේ ජරාවෙන් ජීර්ණවූ වයසින් වැඩිසිටි, ජාතියෙන් මහළුවූ කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්රාහ්මණයන්ට නොවඳීයයිද. දැක හුනස්නෙන් නොනැගිටීයයිද, ආසනයෙන් හෝ නොපවරායයිද, භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ කාරණය නුසුදුසුමය” යි කීයේය.
[භාග්යවතුන් වහන්සේ:]
“දොාණය, නුඹත් බ්රාහ්මණයෙකැයි ප්රතිඥා කරන්නෙහිදැ” යි ඇසූ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ඒ යමෙකුට වනාහි මනාකොට කියනු ලබන්නෙක් කියන්නේද, බ්රාහ්මණතෙමේ, මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්ෂර ප්රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්ෂණයන්හි දක්ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස. මම වනාහි මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේ පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේය. සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. වේදය හදාරන්නේය. මන්ත්ර දරන්නේය. නිඝණ්ඩු කෙටුහ සහිතවූ අක්ෂර ප්රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්රිවේදයන්ගේ පරතෙරට ගියේය. ව්යාකරණ දන්නේය. ලෝකායත මහා පුරුෂ ලක්ෂණයන්හි දක්ෂවූවෙකැයි, භවත් ගෞතමයන් වහන්ස, මනාකොට කියනු ලබන්නෙක් එය මටම කියන්නේය.
“දොාණය, පූර්ව කාලයෙහිවූ බ්රාහ්මණයන්ගෙන් මන්ත්ර කරන්නාවූ, මන්ත්ර පවත්වන්නාවූ, යම් ඎෂීහු වෙද්ද, යම් කෙනෙකුන්ගේද, මේ කාලයෙහි බ්රාහ්මණයෝ පුරාණවූ ගායනා කරණලද, කියනලද. රැස්කරණලද, මේ වේද මන්ත්රයට අනුව ගායනා කෙරෙද්ද, එයට අනුව කියද්ද, කියන ලද්ද අනුව කියද්ද, හදාරණ ලද්ද අනුව හදාරද්ද, කියවනලද්ද අනුව කියවද්ද, එනම්, අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරසය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්යපය, භගුය යන මොවුහු බ්රාහ්මණයන් පස් දෙනෙක් පනවත්. බ්රහ්මසමය, දේවසමය, මර්ය්යාදය, සම්හින්න මර්ය්යාදය, බ්රාහ්මණ චණ්ඩාල යන මොහුම පස්වෙනිකොට ඇත්තේය. දොාණය, ඔවුන්ගෙන් නුඹ බ්රාහ්මණ වෙහිදැ?” යි ඇසූ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, අපි මේ බ්රාහ්මණයන් පස්දෙනා නොදනිමු. වැළිදු අපි බ්රාහ්මණයෝ යයිම දනිමු. භවත් ගෞතම තෙමේ යම්සේ මම මේ බ්රාහ්මණයන් පස්දෙනා දැනගන්නෙම්ද, එසේ මට ධර්මය දේශනාකරණ සේක්වා. මැනව” යි කීයේය.
“බ්රාහ්මණය, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි” යි කී සේක. “එසේය, පින්වතුන් වහන්සැ” යි කියා දෝණ නම් බමුණු තෙම භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“දෝණය, කෙසේ නම් බමුණු තෙම බ්රහ්මසම වේද?
දෝණය, මෙහි බමුණුතෙම මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේවේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේවේද, සත්වන පියමහ යුගය දක්වා බැහැර නොදමන ලද්දේවේද, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේවේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්ර හදාරමින් ළමා බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේද, අටසාළිස් වසක් ළමා බ්රහ්මචර්ය්යාවෙහි හැසිර, මන්ත්ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. නොදැහැමින් නොවේ. දෝණය. එහි ධර්මය කවරේද? සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගෙරි රැකීමෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, එක්තරා ශිල්පයකින් නොව, හුදු භික්ෂාචර්ය්යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු වැටුප් පාවාදී, හිසකේ රැවුල් බාවා, කසට වත් හැඳ, ගිහිගෙන් නික්ම, ශාසනයෙහි පැවිදි වේ. හෙතෙම මෙසේ පැවිදි වූයේ මෛත්රී සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරයි. එසේ දෙවන දිශාවද, එසේ තෙවන දිශාවද, එසේ සිව්වන දිශාවද, මෙසේ උඩ යට හරහට සෑම තැනම සියල්ලන් සහිත මුළු ලොවම විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛරී වූ අව්යාපාද වූ මෛත්රී සහගත සිතින් පැතිර වාසය කරයි. කරුණා සහගත සිතින්... මුදිතා සහගත සිතින්... උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරයි. එසේ දෙවන දිශාවද... මුළු ලොවම උපේක්ෂා සහගත සිතින්... පැතිර වාසය කරයි. හෙතෙම මේ සතර බ්රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ බඹලොව උපදී.
දෝණය, මෙසේ වනාහි බ්රාහ්මණතෙම බ්රහ්මසම නම් වේ.