5. 4. 4. 9.
[එකාසනික සූත්‍රය]
[සැවැත් නුවර නිදානයි]
39. “මහණෙනි, මේ ඒකාශනික වූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, ඒකාශනික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ ඒකාශනික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් ඒකාශනික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි ඒකාශනික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවෙක් වේ. “මහණෙනි, මේ ඒකාශනික වූවාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, ඒකාශනික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඒකාශනික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවෙක් වේද, මෙතෙම ඒකාශනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, ඒකාශනික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඒකාශනික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවෙක් වේද, මෙතෙම ඒකාශනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 10.
[ඛලුපච්ඡාභත්තික සූත්‍රය]
[සැවැත් නුවර නිදානයි]
40. “මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. “මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඛලුපච්ඡාබත්තික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඛලුපච්ඡාබත්තික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 11.
[පත්තපිණ්ඩික සූත්‍රය]
[සැවැත් නුවර නිදානයි]
41. “මහණෙනි, මේ පත්තපිණ්ඩික වූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්?
නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, පත්තපිණ්ඩික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පත්තපිණ්ඩික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් පත්තපිණ්ඩික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි පත්තපිණ්ඩික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්තපිණ්ඩික වූවෙක් වේ. “මහණෙනි, මේ පත්තපිණ්ඩික වූවාහු පස් දෙනෙක් වෙත්.
“මහණෙනි, පත්තපිණ්ඩික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පත්තපිණ්ඩික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්තපිණ්ඩික වූවෙක් වේද, මෙතෙම පත්තපිණ්ඩික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
“මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, පත්තපිණ්ඩික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පත්තපිණ්ඩික වූවාවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්තපිණ්ඩික වූවෙක් වේද, මෙතෙම පත්තපිණ්ඩික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
අරඤ්ඤවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
ආරඤ්ඤක ද, පංසුකූලික ද, පිණ්ඩපාතික ද, රුක්ඛමූලික සොසානික ද, අබ්භොකාසික ද, නෙසජ්ජික ද, යථාසන්ථතික ද, එකාසනික ද, ඛලුපච්ඡාභත්තික සහ පත්තපිණ්ඩික දැයි (මෙම වර්ගයෙහි සූත්‍ර වෙත්).