5. 4. 4. 1.
[ආරඤ්ඤක සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
31. “මහණෙනි, මේ ආරණ්යයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, අරණ්යයෙහි වාසය කරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අරණ්යයෙහි වාසය කරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් අරණ්යයෙහි වාසය කරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි අරණ්යයෙහි වාසය කරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ආරණ්යයෙහි වසන්නෙක් වේ. මහණෙනි, මේ ආරණ්යයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්.
“මහණෙනි, අරණ්යයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ අරණ්යයෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ආරණ්යයෙහි වසන්නෙක් වේද, මෙතෙම ආරණ්යයෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
“මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, අරණ්යයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ අරණ්යයෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ආරණ්යයෙහි වසන්නෙක් වේද, මෙතෙම ආරණ්යයෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 2.
[පංසුකූලික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
32. “මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්. කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, පංසුකූල දරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පංසුකූල දරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් පංසුකූල දරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි පංසුකූල දරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා පංසුකූල දරන්නෙක් වේ. “මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා පංසුකූල දරන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා පංසුකූල දරන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 3.
[පිණ්ඩපාතික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
33. මහණෙනි, මේ පිණ්ඩපාතිකයෝ පස් දෙනෙක් වෙත් ... (පෙ) ...
5. 4. 4. 4.
[රුක්ඛමූලික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
34. “මහණෙනි, මේ රුක්මුල්හි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා රුක්මුල්හි වසන්නෙක් වේ. “මහණෙනි, මේ රුක්මුල්හි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, රුක්මුල්හි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ රුක්මුල්හි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා රුක්මුල්හි වසන්නෙක් වේද, මෙතෙම රුක්මුල්හි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, රුක්මුල්හි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ රුක්මුල්හි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා රුක්මුල්හි වසන්නෙක් වේද, මෙතෙම රුක්මුල්හි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 5.
[සොසානික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
35. “මහණෙනි, මේ සොහොනෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, සොහොනෙහි වාසය කරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ සොහොනෙහි වාසය කරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් සොහොනෙහි වාසය කරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි සොහොනෙහි වාසය කරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා සොහොනෙහි වසන්නෙක් වේ. “මහණෙනි, මේ සොහොනෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, සොහොනෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ සොහොනෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා සොහොනෙහි වසන්නෙක් වේද, මෙතෙම සොහොනෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, සොහොනෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ සොහොනෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා සොහොනෙහි වසන්නෙක් වේද, මෙතෙම සොහොනෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 6.
[අබ්භොකාසික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
36. “මහණෙනි, මේ අභ්යවකාශයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, අභ්යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අභ්යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් අභ්යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි අභ්යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා අභ්යවකාශයෙහි වසන්නෙක් වේ. “මහණෙනි, මේ අභ්යවකාශයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, අභ්යවකාශයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ අභ්යවකාශයෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා අභ්යවකාශයෙහි වසන්නෙක් වේද, මෙතෙම අභ්යවකාශයෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, අභ්යවකාශයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ අභ්යවකාශයෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා අභ්යවකාශයෙහි වසන්නෙක් වේද, මෙතෙම අභ්යවකාශයෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 7.
[නෙසජ්ජික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
37. “මහණෙනි, මේ නෙසජ්ජිකවූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, නෙසජ්ජිකවූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ නෙසජ්ජිකවූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් නෙසජ්ජිකවූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි නෙසජ්ජිකවූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා නෙසජ්ජිකවූවෙක් වේ. “මහණෙනි, මේ නෙසජ්ජිකවූවාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, නෙසජ්ජිකවූවාහු මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ නෙසජ්ජිකවූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා නෙසජ්ජිකවූවෙක් වේද, මෙතෙම නෙසජ්ජිකවූවාහු පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, නෙසජ්ජිකවූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ නෙසජ්ජිකවූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා නෙසජ්ජිකවූවෙක් වේද, මෙතෙම නෙසජ්ජිකවූවාහු පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 8.
[යථාසන්ථතික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
38. “මහණෙනි, මේ යථාසන්ථනික වූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, යථාසන්ථනික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ යථාසන්ථනික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් යථාසන්ථනික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි යථාසන්ථනික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා යථාසන්ථනික වූවෙක් වේ. “මහණෙනි, මේ යථාසන්ථනික වූවාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, යථාසන්ථනික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ යථාසන්ථනික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා යථාසන්ථනික වූවෙක් වේද, මෙතෙම යථාසන්ථනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, යථාසන්ථනික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ යථාසන්ථනික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා යථාසන්ථනික වූවෙක් වේද, මෙතෙම යථාසන්ථනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 9.
[එකාසනික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
39. “මහණෙනි, මේ ඒකාශනික වූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, ඒකාශනික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ ඒකාශනික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් ඒකාශනික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි ඒකාශනික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවෙක් වේ. “මහණෙනි, මේ ඒකාශනික වූවාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, ඒකාශනික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඒකාශනික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවෙක් වේද, මෙතෙම ඒකාශනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, ඒකාශනික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඒකාශනික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවෙක් වේද, මෙතෙම ඒකාශනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
5. 4. 4. 10.
[ඛලුපච්ඡාභත්තික සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
40. “මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්. “කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්ෂෙපයෙන් ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්ධ ශ්රාවකයන් විසින් වර්ණනා කරණ ලදැයි ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේ. “මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්. “මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඛලුපච්ඡාබත්තික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ. “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ ඛලුපච්ඡාබත්තික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්රවූවෙක්ද, ශ්රෙෂට වූවෙක්ද, ප්රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.