5. 4. 3. 1.
[සාරජ්ජ සූත්‍රය]
21. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත “පින්වතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.
5. 4. 3. 2.
[විසාරද සූත්‍රය]
[සැවැත් නිදානය]
22. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි.
5. 4. 3. 3.
[නිරය සූත්‍රය]
[සැවැත් නිදානය]
23. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.
5. 4. 3. 4.
[වෙර සූත්‍රය]
[සැවැත් නිදානය]
24. ඉක්බිති අනේපිඬු සිටුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
“ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී.
“ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබේ. සුගතියෙහිද උපදී. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
“ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබේ. සුගතියෙහිද උපදී.