5. 4. 2. 6.
6. වෙදයිත නිරෝධ සූත්රය
[සැවැත් නුවර නිදානයි]
16. “එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම, “ඇවැත්නි මහණෙනි,” යි භික්ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයන්ට ප්රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයන්ට මේ කීයේය: “ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.”
“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි. තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය: “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ... සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි.”
[දෙවනුවද...] තුන්වෙනුවද ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයන්ට මේ කීයේය: “ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.”
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරයන්ට මේ අදහස විය. තුන්වෙනි වර දක්වාම ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මගේ වචනය වළක්වයි. කිසි භික්ෂුවක් තෙම මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය:
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයන්ට මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.”
“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි... එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි. තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිර තෙම භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය. “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්රඥාවෙන් යුක්තවූයේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේද වේ. එයින් නැගිටින්නේද වේ. යන මේ කරුණ ඇත්තේය. ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කැබලිකොට බුදින්නාවූ ආහාර ඇති, දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා සිතින් නිපදවූ බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේද එයින් නැගිටින්නේද යන මේ කරුණ ඇත්තේය’ යි
[දෙවනුවද...] තුන්වෙනුවද ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරයන්ට මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ නැත්තේය.”
“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරයන්ට මේ සිත විය. භාග්යවතුන් වහන්සේ හමුවෙහිද ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම තුන්වෙනි වර දක්වා වළක්වයි. මාගේ වචනය කිසි භික්ෂුවක් අනුමෝදන් නොවෙයි. මම නිශ්ශබ්ද වන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම නිශ්ශබ්ද වූයේය.
“එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ආමන්ත්රණය කළ සේක. “උදායීය, නුඹ වනාහි කවර නම් ධ්යාන සිතින් නිපදවන ලද බ්රහ්ම කයක් බලාපොරොත්තු වෙහිද?” “ස්වාමීනි, රූප නැත්තාවූ සංඥාවෙන් නිපන් යම් දෙවි කෙනෙක් වෙද්ද? ඔවුහුය” යි කීයේය. “උදායීය, අඥානවූ, අව්යක්තවූ තොපගේ කීමෙන් කවර ප්රයෝජනයක්ද? නුඹත් කියයුත්තෙකුකොට හඟින්නෙහිද?” වදාළේය.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ආමන්ත්රණය කළ සේක ආනන්දය, ස්ථවිර භික්ෂූහු වෙහෙසනු ලබන්නහුට උපෙක්ෂා වන්නහු නම් ඇත්තාහුද? ආනන්දය, ස්ථවිර භික්ෂුව වෙහෙසනු ලබන කල්හි කරුණාව ඇති බවකුත් නොවන්නේද?”