5. 3. 5. 9.
9. පඨම සමය විමුත්ත සූත්රය
[සැවැත් නුවර නිදානයි]
149. “මහණෙනි, ලෞකික වශයෙන් මිදුනු සිත් ඇති භික්ෂූහුගේ පිරිහීම පිණිස මේ කරුණු පසක් පවතිත්. කවර පසක්ද යත්:
කර්මාන්තයෙහි ඇළුණු බවය, කථාබස් කිරීමෙහි ඇළුණු බවය, නිද්රාවෙහි ඇළුණු බවය, සමූහයා හා එක්වීමෙහි ඇළුණු බවය, මිදුනු පරිදි සිත නොසැළකීමය යන පසයි.
“මහණෙනි, ලෞකික වශයෙන් මිදුනු සිත් ඇති භික්ෂූහුගේ පිරිහීම පිණිස මේ කරුණු පසක් පවතිත්.
“මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්ෂූහුගේ නොපිරිහීම පිණිස පවතිත්. කවර පසක්ද යත්:
කර්මාන්තයන්හි නොඇලෙන බවය, කථාබස් කිරීමෙහි නොඇලෙන බවය, නිද්රාවෙහි නොඇලෙන බවය, සමූහයා හා එක්වීමෙහි නොඇලෙන බවය, මිදුනු පරිදි සිත සොයා බැලීමය යන පසයි.”
“මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්ෂූහුගේ නොපිරිහීම පිණිස පවතිත්.
5. 3. 5. 10.
10. දුතිය සමය විමුත්ත සූත්රය
[සැවැත් නුවර නිදානයි]
150. “මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්. කවර පසක්ද යත්:
කර්මාන්තයන්හි ඇලෙන බවය, කථාබස්හි ඇලෙන බවය, නිද්රාවෙහි ඇලෙන බවය, ඉන්ද්රියයන්හි නොරක්නා ලද දොරටු ඇති බවය. භෝජනයෙහි පමණ නොදන්නා බවය යන පසයි.
“මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්. කවර පසක්ද යත්:
කර්මාන්තයන්හි නොඇලෙන බවය, කථාබස්හි නොඇලෙන බවය, නිද්රාවෙහි නොඇලෙන බවය, ඉන්ද්රියයන්හි රක්නා ලද දොරටු ඇති බවය. භෝජනයෙහි පමණ දන්නා බවය යන පසයි.
“මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.
පහළොස් වැනි තිකණ්ටකී වර්ගය නිමි.
එහි උද්දානය:
දත්වා අවජානාති, ආරම්භති, සාරන්දද, තිකණ්ඩකී, නිරය, මිත්ත, අසප්පුරිස දාන, සප්පුරිස දාන, සමයවිමුත්ත (දෙකකි) යනුයි.
තුන්වන පණ්ණාසකය නිමි.