5. 3. 2. 6.
6. වණ්න ගණන සූත්රය
[සැවැත්නුවර නිදානයි]
16. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්:
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදිය යුතු තැන පැහැදීම පහළ කෙරේද. නොදැන නොසොයා පැහැදිය යුතු තැන නොපැහැදීම පහළ කෙරේද, ශ්රද්ධාවෙන් දුන් දෙය අගය අඩු කෙරේද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී. කවර පසකින්ද යත්:
දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදිය යුතු තැන නොපැහැදීම පහළ කෙරේද. දැන සොයා පැහැදිය යුතු තැන පැහැදීම පහළ කෙරේද, ශ්රද්ධාවෙන් දුන් දෙය අගය අඩු බවට නොපමුණුවාද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී.
5. 3. 2. 7.
7. ඉස්සු කීනී සූත්රය
[සැවැත්නුවර නිදානයි]
17. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්:
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ඊෂ්යා ඇත්තී වේද, මසුරුකම ඇත්තී වේද, ශ්රද්ධාවෙන් දුන් දෙය අගය හෙළාද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී. කවර පසකින්ද යත්:
දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, ඊෂ්යා නැත්තී වේද, මසුරුකම නැත්තී වේද, ශ්රද්ධාවෙන් දුන් දෙය අගය නොහෙළාද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී.
5. 3. 2. 8.
8. මිච්ඡාදිට්ඨිකා සූත්රය
[සැවැත්නුවර නිදානයි]
18. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී. කවර පසකින්ද යත්:
නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, මිත්යා දෘෂ්ටි ඇත්තීද, මිත්යා සංකල්පනා ඇත්තීත් වේද, ශ්රද්ධාවෙන් දුන් දෙය අගේ හෙළාද,