4. ථෙර වර්‍ගය
5. 2. 4. 1.
රජනීය සූත්‍රය
සැවැත් නුවර නිදානයි
31. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
ඇළුම් කටයුතු අරමුණෙහි ඇලේද, දූෂ්‍ය කටයුත්තෙහි දූෂ්‍යවේද, මුළා වියයුත්තෙහි මුළා වේද, කිපිය යුත්තෙහි කිපේද, මත්විය යුත්තෙහි මත්වේද යන මේ පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
ඇළුම් කටයුතු අරමුණෙහි නොඇලේද, දූෂ්‍ය කටයුත්තෙහි දූෂ්‍ය නොවේද, මුළා වියයුත්තෙහි මුළා නොවේද, කිපිය යුත්තෙහි නොකිපේද, මත්විය යුත්තෙහි මත් නොවේද යන මේ පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 2.
අවීතරාග සූත්‍රය
සැවැත් නුවර නිදානයි
32. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
පහ නොවූ රාග ඇත්තේ වේද, පහ නොවූ ද්වේෂ ඇත්තේ වේද, පහ නොවූ මෝහ ඇත්තේ වේද, ගුණමකු වූයේ වේද, යුගග්‍රාහ ඇත්තේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
පහවූ රාග ඇත්තේ වේද, පහවූ ද්වේෂ ඇත්තේ වේද, පහවූ මෝහ ඇත්තේ වේද, ගුණමකු වූයේ නොවේද, යුගග්‍රාහ ඇත්තේ නොවේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 3.
කුහක සූත්‍රය
සැවැත් නුවර නිදානයි
33. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
කුහණ වස්තු තුනෙන් යුක්තවූයෙක් වේද, ලාභය පිණිස කරණ කථාවෙන් යුක්තවූයෙක් වේද, නිමිති කරන්නෙක් වේද, පණිවිඩ කීමෙහි යුක්තවූවෙක් වේද, ලාභයෙන් ලාභය සෙවීමෙහි යුක්තවූවෙක් වේද යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
කුහකකම් වලින් යුක්ත නොවේද, ලාභය සඳහා කථා කරන්නෙක් නොවේද, නිමිති කරන්නෙක් නොවේද, පණිවිඩ පනත් කරන්නෙක් නොවේද, ලාභයෙන් ලාභය සෙවීම ඇත්තෙක් නොවේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 4.
අස්සද්ධ සූත්‍රය
සැවැත් නුවර නිදානයි
34. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට භය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පවට ලජ්ජා ඇත්තේ වේද, පවට භය ඇත්තේ වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.