5. 2. 3. 2.
2. දුතිය චෙතො විමුත්තිඵල සූත්රය
[සාවත්ථි නිදානයි]
22. “මහණෙනි, මේ ධර්ම පස වනාහි වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තාහුද, චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තාහුද වෙත්. ප්රඥා විමුක්තිය ඵල කොට ඇත්තාහුද, ප්රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තාහුද වෙත්. කවර පසක්ද යත්?
“අනිත්ය සංඥාවය, අනිත්යයෙහි දුක්ඛ සංඥාවද, දුකෙහි අනාත්ම සංඥාවද, ප්රහාණ සංඥාවද, විරාග සංඥාවද, නිරෝධ සංඥාවද,
“මහණෙනි, මේ ධර්ම පස වනාහි වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තාහුද, චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තාහුද වෙත්. ප්රඥා විමුක්තිය ඵල කොට ඇත්තාහුද, ප්රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තාහුද වෙත්.
“මහණෙනි, යම් කලෙක වනාහි භික්ෂු තෙම චිත්ත විමුක්තවූයේත් ප්රඥා විමුක්ත වූයේත් වේද, මහණෙනි, මේ භික්ෂු තෙම හරින ලද අවිද්යා නමැති අගුළු ඇත්තේයයිද, නසන ලද සංසාර නමැති දිය අගල ඇත්තේයයිද, සිඳිනා ලද තෘෂ්ණා නමැති ඉන්ද්රඛීල ඇත්තේයයිද, නීවරණ නමැති අගුළු හරින ලද්දේයයිද, ආර්ය්යවූ, ජනිතවූ, මාන ධජ ඇත්තේ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තේ, සංසාරයෙන් වෙන්වූයේයයිද කියනු ලැබේ.
“මහණෙනි, කෙසේනම් භික්ෂු තෙම ඔසවන ලද අගුල ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ අවිද්යා තොමෝ ප්රහීණ වූවා, සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ඔසවන ලද අගුල ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම නසන ලද දිය අගල ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ නැවත භවය ඇතිකරන්නාවූ ජාති සංසාරය ප්රහීණ වේද, සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම නසන ලද දිය අගල ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම ඇද දමන ලද ඉන්ද්රඛීල ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ තෘෂ්ණාව ප්රහීණවූවා සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම ඇද දමන ලද ඉන්ද්රඛීල ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම අගුළු රහිත වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ ඕරම්භාගීය සංයෝජන පස ප්රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම අගුළු රහිත වූයේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම හෙලන ලද ධජ ඇත්තාවූ, සසරින් වෙන්වූ ආර්ය්යයෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ වෙමි යන මානය ප්රහීණ වූයේ, සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම හෙලන ලද ධජ ඇති, බහා තබන ලද බර ඇති, සසරින් වෙන්වූ ආර්ය්යයෙක් වේය” යි වදාළ සේක.
5. 2. 3. 3.
3. පඨම ධම්ම විහාරී සූත්රය
[සාවත්ථි නිදානයි]
23. ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්ෂු තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ‘දැහැමි’ විහරණ ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි භික්ෂු තෙම දැහැමි විහරණ ඇත්තේ වේද?”
“මහණ, මේ ශාසනයෙහි භික්ෂු තෙම සූත්රය, ගෙය්යය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වේදල්ලය යන ධර්මය හදාරයිද, හෙතෙම ඒ ධර්මය හැදෑරීමෙන් දවස ඉක්මවාද, විවේකය දුරු කෙර්ද, තමන් කෙරෙහි සිත එකඟ කිරීමෙහි නොයෙදේද, මහණ, මේ භික්ෂු තෙම පර්ය්යාප්තිය බහුල කොට ඇත්තේය. ධර්ම විහරණ ඇත්තේ නොව්යයි කියනු ලැබේ.
“මහණ, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද, හෙතෙම ඒ ධර්මය හැඟවීමෙන් දවස ඉක්මවාද, විවේකය හිස් කෙරේද, තමන් කෙරෙහි සිත සංසිඳවීමෙහි නොයෙදේද, මහණ, මේ භික්ෂු තෙම හැඟවීම් බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් හැදෑරීම කෙරේද, හෙතෙම ඒ හැදෑරීමෙන් දවස ඉක්මවාද, විවේකය සිස් කෙරේද, තමන් කෙරෙහි සිත සංසිඳවීමෙහි නොයෙදේද, මහණ, මේ භික්ෂු තෙම හැදෑරුම් බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හසුරුවාද, සිතින් සලකා බලාද, හෙතෙම ඒ ධර්ම විතර්කවලින් දවස ඉක්මවාද, විවේකය සිස් කෙරේද, තමන් කෙරෙහි සිත සංසිඳුවීමෙහි නොයෙදේද, මහණ, මේ භික්ෂු තෙම විතර්ක බහුල කොට ඇත්තේ, දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
“මහණ, මේ ශාසනයෙහි භික්ෂු තෙම සූත්රය, ගෙය්යය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වේදල්ලය යන ධර්මය හදාරයිද, හෙතෙම ඒ ධර්මය පිරිවැහීමෙන් දවස නොඉක්මවාද, විවේකය සිස් නොකෙර්ද, තමන් කෙරෙහිවූ සිත් සංසිඳවීමෙහි යෙදේද, මහණ, මෙසේ වනාහි භික්ෂු තෙම දැහැමි විහරණ ඇත්තේ වේ.