5. 2. 1. 10.
බුඩ්ඪ පබ්බජිත සූත්රය [දුතිය]
සැවැත් නුවර නිදානයි
10. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ. කවර පසකින්ද යත්,
“මහණෙනි, කීකරුවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.. මනාකොට ගන්නා ලද ගැනීම් ඇත්තේ දුර්ලභ වේ. පැදකුණු කිරීමෙන් අවවාද ගන්නේ දුර්ලභ වේ. ධර්මකථික වූයේ දුර්ලභ වේ. විනයධර වූයේ දුර්ලභ වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.
නීවරණ වර්ගය නිමි. පළමුවැන්නයි
එහි උද්දානය:
ආවරණ, රාසි, අංග, සමය, මාතුපුත්තික, උපජ්ඣා, ඨාන, කුමාර, ලිච්ඡවී සහ බුඩ්ඪපබ්බජිත සූත්ර දෙක ද වේ
(7) 2. සඤ්ඤා වර්ගය
5. 2. 2. 1.
1. පඤ්ච සඤ්ඤා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
11. “මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර පසක්ද යත්?
අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය යන පසයි.
“මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.
5. 2. 2. 2.
2. දුතිය පඤ්ච සඤ්ඤා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
12. “මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර පසක්ද යත්?
අනිත්ය සංඥාය, අනාත්ම සංඥාය, මරණ සංඥාය, ආහාරයෙහි පිලිකුල් සංඥාය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාය යන පසයි.
“මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.
5. 2. 2. 3.
3. අරියවුද්ධි සූත්රය
[සැවැත් නුවර නිදානයි]
13. “මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්ය්ය ශ්රාවක තෙම ආර්ය්යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ. කවර පසකින්ද යත්?
ශ්රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්රුතයෙන් වැඩේද, ත්යාගයෙන් වැඩේද, ප්රඥාවෙන් වැඩේද යන පසිනි.
“මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්ය්ය ශ්රාවක තෙම ආර්ය්යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ.
16. “මේ ලෝකයෙහි යම් ආර්ය්ය ශ්රාවකයෙක් ශ්රද්ධාවෙන් හා ශීලයෙන්ද, ප්රඥාවෙන් හා ත්යාගය, ශ්රුතය යන මෙයින් වැඩේද, එබඳුවූ, විචක්ෂණවූ, ඒ සත්පුරුෂ තෙම මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය” යි වදාළ සේක