5. 1. 5. 7.
7. පඤ්ච ධන සූත්රය
[සාවත්ථි නිදානයි]
47. “මහණෙනි, මේ ධන පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්රද්ධා ධනය, ශීල ධනය, ශ්රුත ධනය, ත්යාග ධනය, ප්රඥා ධනය, යන පසයි.
“මහණෙනි, ශ්රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම ශ්රද්ධා ඇත්තේ වේද, ඒ භාග්යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්යක් සම්බුද්ධය ... බුද්ධො භගවා යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්රද්ධා ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, ශීල ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මෙය ශීල ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, ශ්රුත ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රවක තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද ... එබඳු ධර්මයෝ දැරූයේ, වචනයෙන් පුරුදු කරණ ලද්දේ, ප්රත්යවෙක්ෂා කරණ ලද්දේ, දෘෂ්ටියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දේ වේද, මහණෙනි, මෙය ශ්රුත ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, ත්යාග ධනය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම මුදන ලද ත්යාග සිත් ඇත්තේ, පවිත්රවූ අත් ඇත්තේ, පරිත්යාගයෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, දන් බෙදීමෙහි ඇළුනේ, පහවූ මසුරු මළ ඇති සිතින් යුක්තව ගිහිගෙයි වාසය කෙරේද, මහණෙනි, මෙය ත්යාග ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, ප්රඥා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම ආර්ය්යවූ කෙලෙස් බිඳීම් ඇත්තාවූ, මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම දැනගන්නා පිණිස පවත්නාවූ ප්රඥාවෙන් යුක්තවූයේ, නුවණැත්තේ වේද, මහණෙනි, මෙය ප්රඥා ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, මොහු වනාහි ධන පස වෙත්යයි වදාළ සේක.
52. යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා,
සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
53. සඞ්ඝෙ පසාදො යස්සත්ථි උජුභූතඤ්ච දස්සනං,
අදලිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
අදලිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
54. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං,
අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනං.
අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනං.
5. 1. 5. 8.
අලබ්භනීයඨාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
48. “මහණෙනි, ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ජරා ධර්මය නොදිරාවායි, “ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. “ව්යාධි ධර්මය නොපෙලාවායි ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. මරණ ධර්මය නොමියේවායි ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. ක්ෂය ධර්මය ක්ෂය නොවේවායි ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ. නැසෙන ධර්මය නොනසීවායි, ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
“මහණෙනි, අශ්රුතවත්වූ පෘථග්ජනයාගේ ජරා ධර්මය දිරයි. හෙතෙම ජරා ධර්මය දිරූ කල්හි මෙසේ නොසළකයි. එකලාවූ මාගේම ජරා ධර්මය නොදිරයි. වැලිදු සත්ත්වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම යම්තාක් වේද, සියලු සත්ත්වයන්ගේ ජරා ධර්මය දිරයි. මමද වනාහි ජරා ධර්මය දිරූ කල්හි ශොක කරන්නෙමි. “වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්වර්ණභාවයට බැස ගන්නේය. කර්මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, “ජරා ධර්මය දිරූ කල්හි, “ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. “මහණෙනි, මේ අශ්රුතවත් පෘතග්ජන තෙම විෂ සහිතවූ ශොක නමැති හුලෙන් විදිනා ලද්දේ, තමන්ම තවායයි තියනු ලැබේ.