4. 8. 1.
[සතිපට්ඨාන රාග අභිඤ්ඤා සූත්‍රය]
[සැවැත් නිදානයි]
1. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි. ... වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි. ... සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. ... ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට මේ කරුණු සතර වැඩිය යුතුය.
4. 8. 2.
[සම්මප්පධාන රාග අභිඤ්ඤා සූත්‍රය]
2. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස, භාවනාවෙන් පිරීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
මහණෙනි, රාගයාගේ විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.
4. 8. 3.
[ඉද්‍ධිපාද රාග අභිඤ්ඤා සූත්‍රය]
3. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට මේ කරුණු සතර වැඩිය යුතුය. මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.
[4-30. පරිඤ්ඤාදිසුත්තානි]
මහණෙනි, රාගය සපුරා දැන ගැනීම පිණිස, ... රාගය සපුරා ක්‍ෂයවීම පිණිස, ... රාගය නැතිකිරීම පිණිස, ...රාගය ගෙවීයාම පිණිස, ...රාගය නොඇලීම පිණිස, ...නිරුද්‍ධිය පිණිස, ...රාගය නැතිකිරීම පිණිස, ...රාගය අත්හැරීම පිණිස, ...රාගය දුරුකිරීම පිණිස, කරුණු සතරක් වැඩිය යුතුය.
[31-60. දොස අභිඤ්ඤා ආදී සූත්‍ර]
මහණෙනි, ද්වේෂය අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, ද්වේෂය පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ... මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
[61-480. මොහාදී පෙය්‍යාලය]
මහණෙනි, මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්‍ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ සඨභාවයාගේ ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... අභිඥා පිණිස ... පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි. ... වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි. ... සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. ...ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස, භාවනාවෙන් පිරීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි. මහණෙනි, සිහි නුවණින් තොරවීමගේ (ප්‍රමාදයාගේ) දුරුකිරීම පිණිස විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
චතුක්ක නිපාතය නිමි.