4. 7. 8.
8. අභිජ්ඣාලු සුගති දුග්ගති සූත්රය
8. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“තණ්හා බහුල කොට ඇත්තේ වේද, අනුන් තණ්හාවෙහි සමාදන් කරවයිද, තණ්හාවෙහි අනුදන්නේ වේද, තණ්හාවෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද තණ්හාවෙන් වෙන්වූයේ වේද, අනුන්ද තණ්හාවෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, තණ්හාවෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, තණ්හාවෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 9.
9. ව්යාපන්න චිත්ත සුගති දුග්ගති සූත්රය
9. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“ව්යාපාද සිත් ඇත්තේ වේද, අනුන් ව්යාපාදයෙහි සමාදන් කරවයිද, ව්යාපාදයෙහි අනුදන්නේ වේද, ව්යාපාදයෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද ව්යාපාදයෙන් වෙන්වූයේ වේද, අනුන්ද ව්යාපාදයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද. ව්යාපාදයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, ව්යාපාදයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 10.
10. මිච්ඡාදිඨික සුගති දුග්ගති සූත්රය
10. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මිත්ථ්යාදෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, අනුන් මිත්ථ්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, මිත්ථ්යාදෘෂ්ටියෙහි අනුදන්නේ වේද, මිත්ථ්යාදෘෂ්ටියෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“සම්යක් දෘෂ්ටික වේද, අනුන් සම්යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද, සම්යක් දෘෂ්ටියෙහි අනුදන්නේ වේද, සම්යක් දෘෂ්ටියෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
විසිහත්වෙනි කර්මපථ වර්ගය නිමි.