4. 7. 5.
5. පිසුනාවාච සුගති දුග්ගති සූත්‍රය
5. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“පිසුණු කියන්නේ වේද, අනුන් පිසුණු කීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
“තමන්ද පිසුණු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද පිසුණු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
4. 7. 6.
6. ඵරුසාවාච සුගති දුග්ගති සූත්‍රය
6. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“පරුෂ වචන කියන්නේ වේද, අනුන් ඵරුෂ වචන කීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචන කීමෙහි අනුදන්නේ වේද, පරුෂ වචන කීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
“තමන්ද ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, අනුන්ද ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
4. 7. 7.
7. සම්ඵප්පලාප සුගති දුග්ගති සූත්‍රය
7. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“ප්‍රලාප දොඩන්නේ වේද, අනුන් ප්‍රලාප දෙඩවීමෙහි සමාදන් කරවයිද, ප්‍රලාප දෙඩවීමෙහි අනුදන්නේ වේද, ප්‍රලාප දෙඩවීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
“තමන්ද ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
4. 7. 8.
8. අභිජ්ඣාලු සුගති දුග්ගති සූත්‍රය
8. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“තණ්හා බහුල කොට ඇත්තේ වේද, අනුන් තණ්හාවෙහි සමාදන් කරවයිද, තණ්හාවෙහි අනුදන්නේ වේද, තණ්හාවෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
“තමන්ද තණ්හාවෙන් වෙන්වූයේ වේද, අනුන්ද තණ්හාවෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, තණ්හාවෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, තණ්හාවෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.