4. 7. 10.
10. මිච්ඡාදිඨික සුගති දුග්ගති සූත්රය
10. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මිත්ථ්යාදෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, අනුන් මිත්ථ්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, මිත්ථ්යාදෘෂ්ටියෙහි අනුදන්නේ වේද, මිත්ථ්යාදෘෂ්ටියෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“සම්යක් දෘෂ්ටික වේද, අනුන් සම්යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද, සම්යක් දෘෂ්ටියෙහි අනුදන්නේ වේද, සම්යක් දෘෂ්ටියෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
විසිහත්වෙනි කර්මපථ වර්ගය නිමි.
8. රාග පෙය්යාල වර්ගය
4. 8. 1.
[සතිපට්ඨාන රාග අභිඤ්ඤා සූත්රය]
[සැවැත් නිදානයි]
1. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි. ... වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි. ... සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. ... ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට මේ කරුණු සතර වැඩිය යුතුය.
4. 8. 2.
[සම්මප්පධාන රාග අභිඤ්ඤා සූත්රය]
2. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්යය පටන් ගනී. සිත පහදවයි. ප්රධන් වීර්ය්ය කරයි. උපන් ලාමක අකුශල ධර්මයන් ප්රහාණ වීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්යය පටන් ගනී. සිත පහදවයි. ප්රධන් වීර්ය්ය කරයි. නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්යය පටන් ගනී. සිත පහදවයි. ප්රධන් වීර්ය්ය කරයි. උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්වයට යාම පිණිස, භාවනාවෙන් පිරීම පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්යය පටන් ගනී. සිත යොදවයි. ප්රධන් වීර්ය්ය කරයි.
මහණෙනි, රාගයාගේ විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.
4. 8. 3.
[ඉද්ධිපාද රාග අභිඤ්ඤා සූත්රය]
3. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දයෙන් හා සමාධියෙන් යුත් ප්රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්ධිපාදය වඩයි. වීර්ය්යයෙන් හා සමාධියෙන් යුත් ප්රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්ධිපාද වඩයි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට මේ කරුණු සතර වැඩිය යුතුය. මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.