4. 7. 1.
1. පාණාතිපාත සුගති දුග්ගති සූත්රය
සැවැත් නුවරදීය
1. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. කවර සතරකින්ද යත්?
තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතරකින්ද යත්,
තමාද සතුන් නොමරාද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් නොකරවාද, සතුන් මැරීමෙහි නොඅනුදන්නේද, සතුන් මැරීමෙහි ගුණ නොකියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 2.
2. අදින්නාදාන දුගති සුගති සූත්රය
2. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. කවර සතරකින්ද යත්?
තමන්ද නුදුන් දෙය ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, නුදුන් දේ ගැනීමෙහි අනුදන්නේ වේද, නුදුන් දේ ගැනීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමට බණ කියයිද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමට අනුදන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 3.
3. කාමවිච්ඡාචාර සුගති දුග්ගති සූත්රය
3. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“කාමමිච්ඡාචාරී වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද කාම මිච්ඡාචාරයෙන් වෙන්වූයේ වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද.” “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 4.
4. මුසාවාද සුගති දුග්ගති සූත්රය
4. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“බොරු කියන්නේ වේද, අනුන් බොරු කීමෙහි සමාදන් කරවයිද, බොරු කීමෙහි අනුදන්නේ වේද, බොරු කීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද බොරු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, බොරු කීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, බොරු කීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 7. 5.
5. පිසුනාවාච සුගති දුග්ගති සූත්රය
5. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“පිසුණු කියන්නේ වේද, අනුන් පිසුණු කීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“තමන්ද පිසුණු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද පිසුණු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද, “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.