4. 5. 5. 4.
4. සෙය්යාචතුක්ක සූත්රය
246. “මහණෙනි, මේ සෙය්යා සතරක් වෙත්. කවර සතරක්ද යත්?
ප්රෙත සෙය්යාව, කාමභෝගී සෙය්යාව, සිංහ සෙය්යාව, තථාගත සෙය්යාව.
මහණෙනි, ප්රෙත සෙය්යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් ප්රෙතයෝ උඩුකුරුව සයනය කරත්. මේ ප්රෙත සෙය්යාවයි.
මහණෙනි, කාමභෝගී සෙය්යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් කාමභෝගීහු වාම පාර්ශ්වයෙන් සයනය කරත්. මේ කාමභෝගී සෙය්යායවයයි කියනු ලැබේ.”
මහණෙනි, සිංහ සෙය්යාව කවරේද? මහණෙනි, මෘඝරාජවූ සිංහ තෙම පයෙහි පය මඳක් ඇද, දෙකෙළවර අතුරෙහි නගුට ප්රවේශ කරවා දකුණු පසින් සයනය කරයි. හෙතෙම පිබිදී උඩකය ඉදිරියට නමා පසුකය බලයි. ඉදින් මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම නොසතුටුවූයේ වේ. මහණෙනි, ඉදින් සිංහවූ මෘගරාජ තෙම ශරීරයේ අවුල්වූ හෝ විසුරුණාවූ හෝ කිසිවක් දකීද, මහණෙනි, ඒ කාරණයෙන් මෘගරාජවූ සිංහයා නොසතුටු වූයේ වේ. මහණෙනි, මේ සිංහ සෙය්යාවයයි කියනු ලැබේ.
මහණෙනි, තථාගත සෙය්යාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි තථාගත තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ තථාගත සෙය්යාවයි.
මහණෙනි, මේ සතර සෙය්යාවෝය.”
4. 5. 5. 5.
5. ථූපාරහ සූත්රය
247. “මහණෙනි, ථූප කරවීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්:
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ථූපයට යෝග්යයි. පසේ බුදුන් ථූපයට යෝග්යයි. තථාගත ශ්රාවකයෙකු ථූපයට යෝග්යයි. සක්විති රජ තෙම ථූපයට යෝග්යයි.”
මහණෙනි, මේ සතර දෙන ථූපාරහයෝය.
4. 5. 5. 6.
6. පඤ්ඤාවුද්ධිධම්ම සූත්රය
248. “මහණෙනි, මේ ධර්ම සතරක් ප්රඥාභිවෘද්ධිය පිණිස පවතී. කවර සතරක්ද යත්?
සත්පුරුෂ ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තිය.
යන මේ සතර ධර්මයෝ ප්රඥාවගේ අභිවෘද්ධිය පිණිස පවතී.”
4. 5. 5. 7.
7. බහුකාරධම්ම සූත්රය
249. “මහණෙනි, මේ ධර්ම සතරක් මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්. කවර සතරක්ද යත්?
සත්පුරුෂ ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තිය,
යන මේ ධර්ම සතර ධර්මයෝ මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්.”
4. 5. 5. 8.
8. අනරියවොහාර සූත්රය
250. “මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාර සතරක් වෙත්. “කවර සතරක්ද යත්.
නොදක්නා ලද්දෙහි දැක්කෙමියි කීම, නොඅසන ලද්ද ඇසීමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද ගත්තෙමියි කීම, නොදන්නා ලද්ද දන්නෙමියි කීම
යන මේ සතර අනාර්ය්ය ව්යවහාරයි.”
4. 5. 5. 9.
9. දුතිය අරියවොහාර සූත්රය
251. “මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්.
නොදක්නා ලද්ද, නොදක්නා ලද්දෙමියි කීම, නොඅසන ලද්ද, නොඅසන ලද්දෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද නොගත්තෙමියි කීම, දත් දෙය දනිමියි කීම
යන සතර ආර්ය්ය ව්යවහාරයෝය.”
4. 5. 5. 10.
10. අරියවොහාර සූත්රය
252. “මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
දැක්ක දෙය නොදැක්කෙමියි කීම, ඇසූ දෙය නොඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද නොගන්නා ලද්දෙමියි කීම, දත් දෙය නොදත්තෙමියි කීම
යන මේ සතර අනාර්ය්ය ව්යවහාරයෝයි.”
4. 5. 5. 12.
11. දුතිය අරියවොහාර සූත්රය
253. “මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
දැක්ක දෙය දැක්කෙමියි කීම, ඇසූ දෙය ඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද ගත්තෙමියි කීම, දත් දෙය දත්තෙමියි කීම
යන මේ සතර ආර්ය්ය ව්යවහාරයෝයි.”
විසි පස් වෙනි ආපත්ති වර්ගය නිමි.
පඤ්චමපණ්ණාසකං සමත්තං.