4. 5. 4. 8.
8. සබ්යාපජ්ඣ කම්ම සූත්රය
239. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
“කවර සතරකින්ද යත්, වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද, වරද සහිත දාෂ්ටියෙන්ද,
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
“කවර සතරකින්ද යත්, නිවරද කාය කර්මයෙන්ද, නිවරද වාක් කර්මයෙන්ද, නිවරද මනො කර්මයෙන්ද, නිවරද දාෂ්ටියෙන්ද යන,
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 5. 4. 9.
9. ඉධෙව සමණ සූත්රය
240. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
කවර සතරකින්ද යත්, ද්වේෂ සහිත කාය කර්මයෙන්ද, ද්වේෂ සහිත වාක් කර්මයෙන්ද, ද්වේෂ සහිත මනො කර්මයෙන්ද, ද්වේෂ සහිත දෘෂ්ටියෙන්ද යන,
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
කවර සතරකින්ද යත්, ද්වේෂ රහිත කාය කර්මයෙන්ද, ද්වේෂ රහිත වාක් කර්මයෙන්ද, ද්වේෂ රහිත මනො කර්මයෙන්ද, ද්වේෂ රහිත දෘෂ්ටියෙන්ද යන,
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 5. 4. 10.
10. සමණසුත්තං
241. “මහණෙනි, ශ්රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්රමණයන්ගෙන් ශූන්යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.
“මහණෙනි, ශ්රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ත්රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, අපායට වැටෙන ස්වභාව නැති, සුගති නියතවූ, අර්හත්වය පරායනවූ, සෝවාන්වූවෙක් වන්නේද, මහණෙනි, මේ ශ්රමණයාය.
“මහණෙනි, ශ්රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ත්රිවිධ සංයෝජනයන්ගේ ක්ෂය කිරීමෙන්, රාග, ද්වේෂ, මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වේ. වරක් මෙලොවට විත් දුක් කෙළවර කරයි. මහණෙනි, මේ දෙවෙනි ශ්රමණයායි.