4. 5. 3. 8.
8. අනොත්තාපි සූත්‍රය
28. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“දක්නා ලද්දෙහි නොදක්නා ලද්දෙමියි යන වාද ඇත්තේ වේ. අසන ලද්දෙහි නොඅසන ලද්දේය යන වාද ඇත්තේ වේ. ආඝාණය කළ, රස වින්ද, පහස ලැබූවෙහි නැතැයි යන වාද ඇත්තේය. දත් දෙයෙහි නොදත්තෙමියි යන වාද ඇත්තේ වේ. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“දුටු දෙයෙහි දැක්කේයි වාද ඇත්තේ වේ. ඇසූ දෙයෙහි අසන ලද්දේයයි වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය කළ, රස වින්ද, පහස ලද දෙයෙහි ලද්දේයයි යන වාද ඇත්තේය. දන්නා ලද්දෙහි දත්තේයයි වාද ඇත්තේ වේ.” “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 9.
9. දුප්පඤ්ඤ සූත්‍රය
29. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“අශ්රද්ධාවත් වේද, දුශ්ශීල වේද, ලජ්ජා නැති වේද, බිය නැත්තේ වේද, “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, ලජ්ජා ඇත්තේ වේද, බිය ඇත්තේ වේද, “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 10.
[නවවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
30. [මහණෙනි, කරුණු සතරකින් යුක්ත වූ -පෙ- අසත්පුරුෂයා -පෙ-]
ශ්‍රද්ධාව නැත්තේ වෙයි. දුස්සීල වෙයි. කුසීත (අලස) වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. [මේ කරුණු සතරින් -පෙ- බොහෝ අකුසල්ද රැස් කරයි.]
[මහණෙනි, කරුණු සතරකින් යුක්ත වූ -පෙ- සත්පුරුෂයා -පෙ-]
ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. පටන් ගත් වීර්යය ඇත්තේ වෙයි. ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ කරුණු සතරින් යුක්ත වූ පණ්ඩිත වූ, ව්‍යක්ත වූ සත්පුරුෂයා ගුණ සාරා නොදැමූ, ගුණ නොනැසූ ආත්මයක් පරිහරණය කරයි. නිවරද ද වෙයි. නුවණැත්තන්ගේ ගැරහීමට ලක් නොවන්නේද වෙයි. බොහෝ පින්ද රැස් කරයි.
4. 5. 3. 11.
11. චතුබ්බිධකවි සූත්‍රය
31. “මහණෙනි, මේ කවීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
සිතා කාව්‍ය කරණ චින්තා කවියාය, අසා කාව්‍ය කරණ සුත කවියාය, එක් අර්‍ත්‍ථයක් ඇසුරුකොට කවි කරණ අර්ත්ථ කවියාය, වැටහීමෙන් කවි කරණ පටිභාන කවියාය, යන මේ සතරදෙන කවියෝය.”
විසිතුන් වෙනි දුච්චරිත වර්ගය නිමි.