4. 5. 3. 6.
6. අදිඨෙ දිඨවාදී සූත්‍රය
227. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“මිථ්‍යා ආජීව ඇත්තේ වේද, මිථ්‍යා ව්‍යායාම ඇත්තේ වේද, මිත්‍යා ස්මෘති ඇත්තේ වේද, මිථ්‍යාවෙන් සිත් එකඟ කිරීම ඇත්තේ වේද, “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද, සම්‍යක් ස්මෘතිය ඇත්තේ වේද, නුවණින් සිත එකඟ කිරීම ඇත්තේ වේද, “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 7.
7. දිඨෙ අද්ඨවාදී සූත්‍රය
228. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“නුදුටු දෙයෙහි දක්නා ලද්දේය යන වාද ඇත්තේය. නොඇසූ දෙයෙහි ඇසූයෙමියි යන වාද ඇත්තේය. ආඝ්‍රාණය නොකළ, රස නොවින්ද, පහස නොලත් දෙයෙහි ලදිමි යන වාද ඇත්තේ වේද, නොදන්නා ලද දෙයෙහි දත්තෙමියි යන වාද ඇත්තේය. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“නොදක්නා ලද්දෙහි නොදක්නා ලද්දේය යන වාද ඇත්තේවේ. නොඅසන ලද්දෙහි නොඇසීමි යන වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය නොකළ, රස නොවින්ද, පහස නොලත් දෙයෙහි නොලද්දේය යන වාද ඇත්තේය. දැන නොගන්නා ලද්දෙහි නොදනිමියි යන වාද ඇත්තේය.” “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 8.
8. අනොත්තාපි සූත්‍රය
229. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“දක්නා ලද්දෙහි නොදක්නා ලද්දෙමියි යන වාද ඇත්තේ වේ. අසන ලද්දෙහි නොඅසන ලද්දේය යන වාද ඇත්තේ වේ. ආඝාණය කළ, රස වින්ද, පහස ලැබූවෙහි නැතැයි යන වාද ඇත්තේය. දත් දෙයෙහි නොදත්තෙමියි යන වාද ඇත්තේ වේ. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“දුටු දෙයෙහි දැක්කේයි වාද ඇත්තේ වේ. ඇසූ දෙයෙහි අසන ලද්දේයයි වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය කළ, රස වින්ද, පහස ලද දෙයෙහි ලද්දේයයි යන වාද ඇත්තේය. දන්නා ලද්දෙහි දත්තේයයි වාද ඇත්තේ වේ.” “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 9.
9. දුප්පඤ්ඤ සූත්‍රය
230. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, ලජ්ජා නැති වේද, බිය නැත්තේ වේද, “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, ලජ්ජා ඇත්තේ වේද, බිය ඇත්තේ වේද, “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 10.
[නවම බාල - පණ්ඩිත සූත්‍රය]
මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, කුසීත වේද, දුෂ්ප්‍රාඥ වේද. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය.”
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි. කවර සතරකින්ද යත්?
ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, ආරබ්ධවීර්ය ඇත්තේ වේද, ප්‍රඥාවත් වේද. මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 11.
11. චතුබ්බිධකවි සූත්‍රය
231. “මහණෙනි, මේ කවීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
සිතා කාව්‍ය කරණ චින්තා කවියාය, අසා කාව්‍ය කරණ සුත කවියාය, එක් අර්ත්‍ථයක් ඇසුරුකොට කවි කරණ අර්ත්‍ථ කවියාය, වැටහීමෙන් කවි කරණ පටිභාන කවියාය, යන මේ සතරදෙන කවියෝය.”
විසිතුන් වෙනි දුච්චරිත වර්‍ගය නිමි.