4. 5. 3. 11.
11. චතුබ්බිධකවි සූත්රය
231. “මහණෙනි, මේ කවීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
සිතා කාව්ය කරණ චින්තා කවියාය, අසා කාව්ය කරණ සුත කවියාය, එක් අර්ත්ථයක් ඇසුරුකොට කවි කරණ අර්ත්ථ කවියාය, වැටහීමෙන් කවි කරණ පටිභාන කවියාය, යන මේ සතරදෙන කවියෝය.”
විසිතුන් වෙනි දුච්චරිත වර්ගය නිමි.
(24) 4. කම්ම වර්ගය
4. 5. 4. 1.
1. සංඛිත්තකම්ම සූත්රය
[සැවැත් නුවර නිදානයි]
232. “මහණෙනි, මේ කර්ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට දන්වනු ලැබේ.
“කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්ෂය පිණිස පවතී.
“මහණෙනි, මේ කර්ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට දන්වනු ලැබේ.
4. 5. 4. 2.
2. විතත්ථකම්ම සූත්රය
233. “මහණෙනි, මේ කර්ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට දන්වනු ලැබේ.
“කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්ෂය පිණිස පවතී.
“මහණෙනි, අකුශල්වූ, අකුසල විපාකය ඇති කර්මය කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිත කාය චේතනා රැස් කර, ද්වේෂ සහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ සහිත මනො චේතනා රැස් කර, දුක් සහිත ලෝකයක උපදී. “දුක් සහිත ලෝකයක උපන්නේම, දුක් සහිත ස්පර්ශයෝ ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිත ස්පර්ශ වලින් ස්පර්ශ කරණ ලද්දේ, නරකයෙහි සත්ත්වයන් යම් සේද, එසේ ආබාධ සහිත විපාක වේදනාවක් විඳියි. මහණෙනි, මේ කර්මය අකුශල්ය, අකුශල විපාකය.
“මහණෙනි, කුශල්වූ, කුශල් විපාකවූ කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ රහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ රහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ රහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ රහිත කාය චේතනා රැස් කර, ද්වේෂ රහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ රහිත මනො චේතනා රැස් කර, සුභකිණ්ණක දෙවියන් යම් සේද, එබඳු දුක් නැති ලෝකයක උපදී. “දුක් නැති ලෝකයක උපන් ඔහු කරා, දුක් නැති ස්පර්ශයෝ ස්පර්ශ කරත්. හෙතෙම නිදුක් ස්පර්ශයන්ගෙන් ස්පර්ශ කරණ ලද්දේම, නිදුක් වේදනාවක් විඳියි. මහණෙනි, මේ කුශල්වූ, කුශල විපාකවූ කර්මයයි කියනු ලැබේ.