4. 5. 3. 1.
1. වචී දුච්චරිත සූත්රය
[සැවැත් නුවර නිදානයි]
221. “මහණෙනි, මේ දුශ්චරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්.
බොරුකීම, පිසුණු කීම, පරොස්බස් කීම, ප්රලාප දෙඩීම යන සතරයි. මහණෙනි, මේ සතර වාග් දුශ්චරිතයෝය.
“මහණෙනි, මේ වාග් සුචරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්,
සත්ය වචනය, කේලාම් නොකීම, සියුම් වචනය, ප්රමාණවත් වචනය යන සතරයි. මහණෙනි, මේ සතර වාග් සුචරිතයෝයි.
4. 5. 3. 2.
2. මිච්ඡාදිට්ඨික සූත්රය
222. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද, මිථ්යාදෘෂ්ටියෙන්ද යන සතරිනි. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි. කවර සතරකින්ද යත්?
“කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, සම්යක් දෘෂ්ටිය යන සතරිනි. “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 3.
3. අකතවෙදිතා සූත්රය
223. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“කවර සතරකින්ද යත්, කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය, කෙළෙහි ගුණ නොදන්නා අකෘතඥතාවය සතරයි. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“කවර සතර දෙනෙක්ද යත්, කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, කෙළෙහි ගුණ දන්නා සුළු කෘතඥතාවය යන සතරයි.” “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 4.
4. චතුවෙර සූත්රය
224. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේ වේද, “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
225. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
4. 5. 3. 5.
5. මිච්ඡාසම්මාමග්ග සූත්රය
226. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“මිත්යාදෘෂ්ටික වේද, මිත්යා සංකප්ප (කල්පනා) ඇත්තේ වේද, මිත්යා වචන ඇත්තේ වේද, මිත්යා කර්මාන්ත ඇත්තේ වේද, “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
“සම්යක් දෘෂ්ටික වේද, සම්යක් සංකල්පනා ඇත්තේ වේද, සම්යක් වචන ඇත්තේ වේද, සම්යක් කර්මාන්ත ඇත්තේ වේද, “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.