4. 5. 2. 9.
9. හිරොත්තප්ප සූත්‍රය
219. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, ලජ්ජා නැති වේද, බිය නැත්තේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, ලජ්ජා ඇත්තේ වේද, බිය ඇත්තේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
4. 5. 2. 10.
10. දුප්පඤ්ඤා සූත්‍රය
220. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්?
“අශ්‍රද්‍ධාවත් වේද, දුශ්ශීල වේද, කුසීත වේද, දුෂ්ප්‍රාඥ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාවත් වේද.” [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
විසිදෙවෙනි පරිස සොභන වර්‍ගය නිමි.
(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)
4. 5. 3. 1.
1. වචී දුච්චරිත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
221. “මහණෙනි, මේ දුශ්චරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්.
බොරුකීම, පිසුණු කීම, පරොස්බස් කීම, ප්‍රලාප දෙඩීම යන සතරයි. මහණෙනි, මේ සතර වාග් දුශ්චරිතයෝය.
“මහණෙනි, මේ වාග් සුචරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්,
සත්‍ය වචනය, කේලාම් නොකීම, සියුම් වචනය, ප්‍රමාණවත් වචනය යන සතරයි. මහණෙනි, මේ සතර වාග් සුචරිතයෝයි.
4. 5. 3. 2.
2. මිච්ඡාදිට්ඨික සූත්‍රය
222. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
“කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද, මිථ්‍යාදෘෂ්ටියෙන්ද යන සතරිනි. “මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය” යි වදාළ සේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි. කවර සතරකින්ද යත්?
“කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, සම්‍යක් දෘෂ්ටිය යන සතරිනි. “මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.