4. 5. 2. 3.
3. අකතඤ්ඤුතා සූත්‍රය
213. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“කවර සතරකින්ද යත්, කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය, කෙළෙහි ගුණ නොදන්නා අකෘතඥතාවය සතරයි. [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“කවර සතර දෙනෙක්ද යත්, කාය සුචරිතය, වාක් සුචරිතය, මනො සුචරිතය, කෙළෙහි ගුණ දන්නා සුළු කෘතඥතාවය යන සතරයි.” [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
4. 5. 2. 4.
4. පාණඝාතාදී සූත්‍රය
214. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
4. 5. 2. 5.
5. මිච්ඡාමග්ගඞ්ග සූත්‍රය
215. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා සංකප්ප (කල්පනා) ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්පනා ඇත්තේ වේද, සම්‍යක් වචන ඇත්තේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
4. 5. 2. 6.
6. සම්මාමග්ගඞ්ග සූත්‍රය
216. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“මිථ්‍යා ආජීව ඇත්තේ වේද, මිථ්‍යා ව්‍යායාම ඇත්තේ වේද, මිත්‍යා ස්මෘති ඇත්තේ වේද, මිථ්‍යාවෙන් සිත් එකඟ කිරීම ඇත්තේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද, සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද, සම්‍යක් ස්මෘතිය ඇත්තේ වේද, නුවණින් සිත එකඟ කිරීම ඇත්තේ වේද, [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
4. 5. 2. 7.
7. පඨම වොහාරපථ සූත්‍රය
217. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“නුදුටු දෙයෙහි දක්නා ලද්දේය යන වාද ඇත්තේය. නොඇසූ දෙයෙහි ඇසූයෙමියි යන වාද ඇත්තේය. ආඝ්‍රාණය නොකළ, රස නොවින්ද, පහස නොලත් දෙයෙහි ලදිමි යන වාද ඇත්තේ වේද, නොදන්නා ලද දෙයෙහි දත්තෙමියි යන වාද ඇත්තේය. [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“නොදක්නා ලද්දෙහි නොදක්නා ලද්දේය යන වාද ඇත්තේවේ. නොඅසන ලද්දෙහි නොඇසීමි යන වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය නොකළ, රස නොවින්ද, පහස නොලත් දෙයෙහි නොලද්දේය යන වාද ඇත්තේය. දැන නොගන්නා ලද්දෙහි නොදනිමියි යන වාද ඇත්තේය.” [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]
4. 5. 2. 8.
8. දුතිය වොහාරපථ සූත්‍රය
218. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,
“දක්නා ලද්දෙහි නොදක්නා ලද්දෙමියි යන වාද ඇත්තේ වේ. අසන ලද්දෙහි නොඅසන ලද්දේය යන වාද ඇත්තේ වේ. ආඝාණය කළ, රස වින්ද, පහස ලැබූවෙහි නැතැයි යන වාද ඇත්තේය. දත් දෙයෙහි නොදත්තෙමියි යන වාද ඇත්තේ වේ. [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ.]
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“දුටු දෙයෙහි දැක්කේයි වාද ඇත්තේ වේ. ඇසූ දෙයෙහි අසන ලද්දේයයි වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය කළ, රස වින්ද, පහස ලද දෙයෙහි ලද්දේයයි යන වාද ඇත්තේය. දන්නා ලද්දෙහි දත්තේයයි වාද ඇත්තේ වේ.” [මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.]