4. 5. 1. 7.
7. පඨම පාපතර සූත්රය
207. “මහණෙනි, තොපට පාපී පුද්ගලයාද, පාපී පුද්ගලයන්ගෙන් අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි පුද්ගලයාද, නිවැරදි පුද්ගලයින්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයාද දෙසන්නෙමි. “එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාපී පුද්ගලයා කවරේද? “සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, මිත්යා දෘෂ්ටික වේද. මහණෙනි, මේ පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පාපී පුද්ගලයාටත් වඩා අතිශයින් පාපීවූ පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන්ද මිත්යා දෘෂ්ටික වේද, අනුන්ද මිත්යා දෘෂ්ටියෙහි සමාදන් කරවයිද, “මහණෙනි, මේ පාපයාටත් වඩා අතිශයින් පාපයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයා කවරේද? “ප්රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්යක් දෘෂ්ටික වේද, “මහණෙනි, මේ නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයන්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාත් සම්යක් දෘෂ්ටික වේද, අන්යයාත් සම්යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද, “මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාගෙනුත් අතිශය නිවැරදි පුද්ගලයායයි කැයනු ලැබේ.”
4. 5. 1. 8.
8. දුතිය පාපතර සූත්රය
208. “මහණෙනි, තොපට පාපී පුද්ගලයාද, පාපී පුද්ගලයන්ගෙන් අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි පුද්ගලයාද, නිවැරදි පුද්ගලයින්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයාද දෙසන්නෙමි. “එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාපී පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්යාදෘෂ්ටික වේද, මිත්යා කල්පනා ඇත්තේ වේද, මිත්යා වචන ඇත්තේ වේද, මිත්යා කර්මාන්ත ඇත්තේ වේද, මිත්යා ආජීව ඇත්තේ වේද, මිත්යා ව්යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද, “මහණෙනි, මේ පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පවිටු පුද්ගලයාටත් වඩා අතිශයින් පවිටු පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමාද මිත්යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, තමන්ද මිත්යා කල්පනා ඇත්තේ වේද, අනුන්ද මිත්යා කල්පනාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්යා වචන ඇත්තේ වේද, අනුන්ද මිත්යා වචනයෙහි සමාදන් කරවයිද, තමාද මිත්යා කර්මාන්ත ඇත්තේ වේද, අනුන්ද මිත්යා කර්මාන්තයෙහි සමාදන් කරවයිද, තමා මිත්යා ජීවිකාව ඇත්තේ වේද, අනුන්ද මිත්යා ජීවිකාවෙහි සමාදන් කරවයිද, තමාද මිත්යා ව්යායාම ඇත්තේ වේද, අනුන්ද මිත්යා ව්යායාමයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද, තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද, “මහණෙනි, මේ පාපී පුද්ගලයාටත් වඩා අතිශයින් පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සම්යක් කල්පනා ඇත්තේද, සම්යක් වචන ඇත්තේද, සම්යක් කටයුතු ඇත්තේද, සම්යක් ජීවිකාව ඇත්තේ වේද, සම්යක් ව්යායාම ඇත්තේ වේද, යහපත් නුවණ ඇත්තේ වේද, යහපත් මිදීම ඇත්තේ වේද, “මහණෙනි, මේ නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ වේද, අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් කල්පනා ඇත්තේ වේද, අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වචන ඇත්තේ වේද, අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද, අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද, තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද, අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් ව්යායාම කරන්නේද, අනුන්ද යහපත් ව්යායාමයෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් නුවණ ඇත්තේ වේද, අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද, තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ වේද, අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද, “මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
4. 5. 1. 9.
9. පඨම පාපධම්ම සූත්රය
209. “මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි. “එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද? “සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, මිත්යා දෘෂ්ටි ඇත්තේ වේද, “මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පාප ස්වභාවයෙනුත් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමාද මිත්යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද, “මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාගෙන් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාව ඇති පුද්ගලයා කවරේද? “ප්රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්යක් දෘෂ්ටික වේද, “මේ යහපත් ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ස්වභාවය ඇති පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද සම්යක් දෘෂ්ටික වේද, අනුන්ද සම්යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද. “මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ි පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 5. 1. 10.
10. දුතිය පාපධම්ම සූත්රය
210. “මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි. “එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්යාදෘෂ්ටික වේද, මිත්යා කල්පනා ඇත්තේ වේද, මිත්යා වචන ඇත්තේ වේද, මිත්යා කර්මාන්ත ඇත්තේ වේද, මිත්යා ආජීව ඇත්තේ වේද, මිත්යා ව්යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද, “මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාය.