4. 4. 1. 8.
8. පරිහානි ධම්ම සූත්රය
158. එහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු, ‘ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර ධර්මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
“කවර සතරක්ද යත්, රාගයාගේ විපුලභාවය, ද්වේෂයාගේ විපුලභාවය, මෝහයාගේ විපුලභාවය, ඔහුට ගැඹුරුවූ ස්ථාන අස්ථානයන්හි ප්රඥා චක්ෂුස නොපවතී.
ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර ධර්මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර ධර්මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
“කවර සතරක්ද යත්, රාගය තුනී බැවින්ද, ද්වේෂය තුනී බැවින්ද, මෝහය තුනී බැවින්ද, ගැඹුරුවූ ස්ථාන අස්ථානයන්හි ප්රඥා චක්ෂුස පවතීද එහෙයිනි.
ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර ධර්මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
4. 4. 1. 9.
9. ආනන්ද - භික්ඛුනී සූත්රය
159. එක් කාලයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර, ඝොෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති එක්තරා භික්ෂුණියක් එක්තරා පුරුෂයෙකුට ආමන්ත්රණය කෙළේය. ‘එම්බා පුරුෂය, ඔබ මෙහි එන්න. ආර්ය්ය ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි යව්. ගොස් මාගේ වචනයෙන් ආර්ය්ය ආනන්ද ස්ථවිරයන් වහන්සේට වඳුව. “ස්වාමීනි, මෙනම් ඇති භික්ෂුණිය ලෙඩ ඇත්තීය. දුක් ඇත්තීය. දැඩි ගිලන් ඇත්තීය. ඕතොමෝ ආර්ය්ය ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පා සිරසින් වඳී. මෙසේද කියව, ‘ආර්ය්ය ආනන්ද ස්ථවිරයන් වහන්සේ භික්ෂුණී අසපුව යම් තැනෙක්හිද, ඒ භික්ෂුණිය යම් තැනෙක්හිද, එහි අනුකම්පා උපදවා වඩීවා යහපත්ය,’ ” කියායි.
ඒ පුරුෂතෙම, ‘ආර්ය්යාවෙනි, එසේය’ යි ඒ පුරුෂතෙම භික්ෂුණියට පිළිවදන් දී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ පුරුෂතෙම, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, මෙනම් ඇති භික්ෂුණිය ලෙඩ ඇත්තීය. දුක් ඇත්තීය. දැඩි ගිලන් ඇත්තීය. ඕතොමෝ ආර්ය්ය ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පා සිරසින් වඳී. ආර්ය්ය ආනන්ද ස්ථවිරයන් වහන්සේ භික්ෂුණී අසපුව යම් තැනෙක්හිද, ඒ භික්ෂුණිය යම් තැනෙක්හිද, එහි අනුකම්පා උපදවා වඩීවා යහපත්ය,” කියායි.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හැඳ, පෙරවා, පාත්ර සිවුරු ගෙන භික්ෂුණී ආශ්රමය යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. ඒ භික්ෂුණිය, දුරින්ම එන ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැක්කේය. වඩින්නාවූ උන්වහන්සේ දැක හිස සහිතව පොරවා ඇඳෙහි හොත්තේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුණිය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩසිටි සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඩසිට ඒ භික්ෂුණියට,
“නැගණියනි, මේ කය ආහාරයෙන් හටගත්තේය. ආහාරය ඇසුරුකොට ඇත්තේය. ආහාරය අත්හැරිය යුතුය. “නැගණිය, මේ ශරීරය තෘෂ්ණාවෙන් හටගත්තේය. තෘෂ්ණාව ඇසුරුකළේය තෘෂ්ණාව අත්හැරිය යුතුය. නැගණිය, මේ ශරීරය මානයෙන් හටගත්තේය. මානය ඇසුරුකොට ඇත්තේය. මානය දුරු කටයුතුය. නැගණිය, මේ ශරීරය මෛථුනයෙන් හටගත්තේය. මෛථුනය ප්රත්යය. නැසීම භාග්යවතුන් වහන්සේ විසින් වදාළසේක.