4. 4. 1. 1.
1. චතුරීන්‍ද්‍රිය සූත්‍රය
සැවැත් නුවරදී ය.
151. “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
සද්‍ධින්ද්‍රියය, විරින්‍ද්‍රියය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රියය යන සතරයි.
මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝයි.”
4. 4. 1. 2.
2. සද්‍ධාබල සූත්‍රය
152. “මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්.
ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍යබලය, සතිබලය, සමාධිබලය යන සතරයි.
මහණෙනි, මේ සතර බලයෝය.
4. 4. 1. 3.
3. පඤ්ඤාබල සූත්‍රය
153. “මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්.
ප්‍රඥාබලය, වීර්‍ය්‍යබලය, අනවද්‍යබලය, සංග්‍රහබලය යන සතරයි.
මහණෙනි, මේ සතර බලයෝයි.
4. 4. 1. 4.
4. සතිබල සූත්‍රය
154. “මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්.
සතිබලය, සමාධිබලය, අනවජ්ජබලය, සංග්‍රහබලය යන සතරයි.
මහණෙනි, මේ සතර බලයෝයි.
4. 4. 1. 5.
5. පටිසංඛානබල සූත්‍රය
155. “මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්.
ප්‍රත්‍යවෙක්‍ෂාබලය, භාවනාබලය, අනවද්‍යබලය, සංග්‍රහබලය යන සතරයි.
මහණෙනි, මේ සතර බලයෝයි.”
4. 4. 1. 6.
6. අසංඛෙයකප්ප සූත්‍රය
156. “මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍යෙය සතරක් වෙත්. කවර සතරක්ද යත්.
මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
“මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසී සිටීද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
“මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවේද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
“මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවී පවතීද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයෝයි.”
4. 4. 1. 7.
7. පබ්බජිතරොග සූත්‍රය
157. “මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.
“කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන, වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, සත්ත්‍වයන් දකිත්.