4. 3. 4. 1.
සංයෝජනපුග්ගල සූත්‍රය
[සැවැත් නිදානයි]
31. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ වූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ නොවූවාහු වෙත්ද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීණ වූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීණ වූවාහු වෙත්ද.
මහණෙනි, කවර පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද? සකෘදාගාමී පුද්ගලයාටය. මහණෙනි, මේ පුද්ගලයාට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්. උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්. භවය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්.
මහණෙනි, කවර පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, භවය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද? උද්‍ධංසොත අකනිට්ඨගාමී පුද්ගලයාටය. මහණෙනි, මේ පුදග්ලයාට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්. උත්පත්තිය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්. භවය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්.
මහණෙනි, කවර පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහුද, උත්පත්තිය දෙන සංයෝජන ප්‍රහීන වූවාහුද, භවය දෙන සංයෝජන ප්‍රහීන නොවූවාහුද? අනන්තරාපරිනිබ්බායී පුද්ගලයාටය. මහණෙනි, මේ පුද්ගලයාට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්. උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන වූවාහු වෙත්. භවය ලැබෙන සංයෝජන ප්‍රහීන නොවෙත්.
මහණෙනි, කවර පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වෙත්ද, උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්ද, භවය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්ද? රහතන් වහන්සේටය. මහණෙනි, මේ පුද්ගලයාට ඕරම්භාගිය සංයෝජන ප්‍රහීන වෙත්. උත්පත්තිය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්. භවය ලැබෙන සංයෝජන ප්‍රහීන වෙත්.
මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4 . 2.
පටිභානපුග්ගල සූත්‍රය
32. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
සුදුස්සම වැටහෙන, වහා නොවැටහෙන එකෙක. වහා වැටහෙන සුදුස්ස නොවැටහෙන එකෙක, සුදුස්සත් වැටහෙන, වහාත් වැටහෙන එකෙක, සුදුස්සද නොවැටහෙන, වහාත් නොවැටහෙන එකෙක.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4. 3.
නෙය්යපුග්ගල සූත්‍රය
33. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
උද්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, නෙය්‍ය, පදපරම.
මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4. 4.
ඵලුපජීවීපුග්ගල සූත්‍රය
34. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
උට්ඨානඵලූපජීවී න කම්මඵලුපජීවී, කම්මඵලුපජීවී න උට්ඨානඵලූපජීවී, උට්ඨානඵලූපජීවී ච කම්මඵලුපජීවී ච, නෙවුට්ඨානඵලූපජීවී නෙව කම්මඵලුපජීවී.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.