4. 3. 3. 4.
4. සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය
24. “මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර ඇති, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, “හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත අනිකක් කියමි. මහණෙනි, නැවතද අනික් පුද්ගලයෙක් කියමි. මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකවිට පහළවීම ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය. “මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය නැතිවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වසයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. ආර්‍ය්‍යයෝ උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහාරීයයි. ඒ යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය. “මහණෙනි, නැවත අනික් පුද්ගලයෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයාගේද, ප්‍රහාණයෙන්, දුඃඛයාගේද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙක අස්තඞ්ගමයට පෙරටුව දුක් නැති, සැප නැති, උපෙක්ඛා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු වීම් ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ ඒ තන්හි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය, දුක්ඛ, රොග, ගණ්ඩ, සල්ල, අස, ආබාධ, පර, පලොක, සුඤ්ඤත, අනන්ත වශයෙන් බලයි. හෙතෙම කරජකායයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, මේ උත්පත්ති තොමෝ පෘතග්ජනයන් හා අසාධාරණය.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
4. 3. 3. 5.
5. පඨම අප්පමඤ්ඤා සූත්‍රය
25. “මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් “එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, “මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. “හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි. “මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට කල්පයක් ආයු ප්‍රමාණය වෙයි. “පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශේෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි. “මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මුදිතා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි. “මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපෙක්‍ෂා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, ආභස්සර දෙවියන් හා සහවාසයට පැමිණෙයි. “මහණෙනි, ආභස්සර දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්ප දෙකකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට සුභකිණ්ණක දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, සුභකිණ්ණක දෙවියන්ට ආයු ප්‍රමාණය කල්ප සතරකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට වෙහප්ඵල දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, වෙහප්ඵල දෙවියන්ට කල්ප පහක් ආයුෂය. “පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශේෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.
“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
4. 3. 3. 6.
6. දුතිය අප්පමඤ්ඤා සූත්‍රය
26. “මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් “එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, “මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. “හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්‍යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්‍ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.