4. 3. 1. 5.
6. අම්බොපම සූත්රය
5. “මහණෙනි, මේ අඹ සතරක් වෙත්. කවර සතරක්ද යත්,
නොපැසුණු, පැසුණ පාට ඇති එකෙක. පැසුණ, අමු පාට එකකි. අමු, අමු පාට එකකි. පැසුණු, පැසුණ පාට එකකි. මහණෙනි, මේ සතර අඹය.
මහණෙනි, එසේම අඹවලට බඳු උපමා ඇති පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“අමු, පැසුණ පාට ඇති පුද්ගලයාය. පැසුණු, අමු පාට ඇති පුදගලයාය. නොපැසුණු, පැසුණ පාට ඇති පුද්ගලයාය. පැසුණු, පැසුණ පාට ඇති පුද්ගලයාය.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම නොපැසුණු, පැසුණු පාට ඇත්තේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්රසාදයට සුදුසු වේද? “හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද, “මහණෙනි, මෙසේ පුද්ගල තෙම අමුවූයේ. පැසුණු වර්ණ ඇත්තේ වේ. මහණෙනි, අමුවූ, පැසුණු පාට ඇති අඹයක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
“මහණෙනි, කෙසේ පුද්ගල තෙම පැසුණේ, අමු පාට ඇත්තේ වේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්රසාදයට සුදුසු නොවේද? “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී, “මහණෙනි, මෙසේ පුද්ගල තෙම පැසුණේ, අමු පාට ඇත්තේ වේ. මහණෙනි, පැසුණු, අමු පාට ඇති අඹයක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, කෙසේ පුද්ගල තෙම අමුවූයේම, අමු පාට ඇත්තේ වේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්රසාදයට සුදුසු නොවේද? “හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද, “මහණෙනි, මෙසේ පුද්ගල තෙම අමුවේ අමු පාට ඇත්තේ වේ. මහණෙනි, අමු, අමු පාට ඇති අඹයක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
“මහණෙනි, කෙසේ පුද්ගල තෙම පැසුණේ, පැසුණු පාට ඇත්තේ වේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්රසාදයට සුදුසු වේද? “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී, “මහණෙනි, පැසුණු, පැසුණු පාට ඇති අඹ ගෙඩියක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
මහණෙනි, මේ අඹ සතරකට උපමා ඇති පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.
4. 3. 1. 6 - 7
7. මුසකොපම සූත්රය
7. “මහණෙනි, මේ මීයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
ගුලක් කරණ, එහි නොවසන එකෙක. ගුලක වාසය කරණ, ගුලක් නොහදන එකෙක. ගුලක් නොහදන, වාසයද නොකරණ එකෙක. ගුලක් හදන, එහි වාසයද කරණ එකෙක. මහණෙනි, මේ මීයෝ සතර දෙනය.
මහණෙනි, එසේම මීයන්ට උපමා කළ හැකි මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
ගෙවල් හදන, නොවසන එකෙක. වසන ගෙවල්, නොහදන එකෙක. ගෙවල්ද නොහදන, වාසයද නොකරණ එකෙක. ගෙවල් හදන, වාසයද කරණ එකෙක.
මහණෙනි, ගෙවල් හදන, නොවසන පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්ර, ගාථා මිශ්ර සූත්ර, නිර්ගාථක සූත්ර, ගාථා, ප්රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්ර, පූර්වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණගනිත්. “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනී. “මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගෙය කරන්නේය. එහි නොවසන්නේය. මහණෙනි, ගෙයක් හදන, නොවසන මීයෝ යම්සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.