4. 3. 1. 2.
2. දුතිය වලාහකොපම සූත්රය
102. “මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක්ද යත්,
ගර්ජනා කරන්නාහුය, නොවසින්නාහුය, වසින්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, නොවසින්නේද, ගර්ජනා නොකරන්නේද, ගර්ජනා කරන්නේද, වසින්නේද, මහණෙනි, මේ සතර වළාහකයෝය.
“මහණෙනි, එසේම වළාහකයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
ගර්ජනා කරන්නාහුය, නොවසින්නාහුය, වසින්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, නොවසින්නාහුය, ගර්ජනා කරන්නාහුද, වසින්නාහුද වෙත්.
“මහණෙනි, ගර්ජනා කරණ, නොවසින, පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්ර, ගාථා මිශ්ර සූත්ර, නිර්ගාථක සූත්ර, ගාථා, ප්රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්ර, පූර්වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණගනිත්. “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනී. “මහණෙනි, මෙසේ පුද්ගල තෙම ගර්ජනා කරන්නේ ය, නොවසින්නේය. මහණෙනි, යම් සේ ඒ වලාකුලක් ගර්ජනා කරණ ලද්දේ නොවසින ලද්දේද, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
“මහණෙනි, වසින, ගර්ජනා නොකරණ පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්ර, ගාථා මිශ්ර සූත්ර, නිර්ගාථක සූත්ර, ගාථා, ප්රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්ර, පූර්වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණ නොගනිත්. “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද, “මහණෙනි, මෙසේ පුද්ගල තෙම වසින ලද්දේ ගර්ජනා නොකරණ ලද්දේය. මහණෙනි, ඒ වලාකුලක් වර්ෂා කරණ ලදද, ගර්ජනා නොකරන ලදද, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, ගර්ජනා නොකරණ, නො වසින, පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල සංඛ්යාත ධර්මය ඉගෙන නොගනිත්ද, “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් නොදනී. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනී. “මහණෙනි, මෙසේ පුද්ගල තෙම ගර්ජනා නොකරණ ලද්දේද, නොවසින ලද්දේද වේ. මහණෙනි, ගර්ජනා නොකරණ ලද, නොවසින වලාකුල යම් සේද, මහණෙනි, මම ඒ පුද්ගලයා මෙබඳුයයි කියමි.
“මහණෙනි, ගර්ජනා කරණලද, වසිනලද, පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්ර, ගාථා මිශ්ර සූත්ර, නිර්ගාථක සූත්ර, ගාථා, ප්රීතිය පෙන්වූ ධර්ම, නිදානය නැති සූත්ර, පූර්වාපදාන, පුදුමවියයුතු ධර්ම, බලවත් සතුටින් දෙසූ ධර්ම ඉගෙණගනිත්. “හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධය යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද, “මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ගර්ජනා කරණ ලද්දේද, වසින ලද්දේද වේ. මහණෙනි, ගර්ජනා කරණ ලද, වසින ලද වලාකුල යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
මහණෙනි, වලාකුලට උපමා ඇති මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
4. 3. 1. 3.
3. කුම්භොපම සූත්රය
103. “මහණෙනි, මේ කල සතරක් වෙත්. කවර සතරක්ද යත්,
හිස් වැසූ කලය, පිරුණු නොවැසූ කලය, හිස් නොවැසූ කලය, පිරුණු වැසූ කලය, මේ කල සතර වෙත්.
මහණෙනි, එසේම මේ කල සතරට සමාන පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
හිස් වැසුණු, පිරිණු නොවැසුණු, හිස් නොවැසුණු, පිරුණු වැසුණු ද වෙත්.