4. 2. 5. 10.
[පොතලිය සූත්රය]
50. ඉක්බිති පොතලිය පරිබ්රාජක තෙම, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි පොතලිය පරිබ්රාජකයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පොතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද.”
“පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද.”
“පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද.”
“පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද.”
“පොතලිය, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
“පොතලිය, මේ සතර පුද්ගලයන්ගෙන් කවර පුද්ගලයෙක් ඔබ හට අතිශයින් යහපත්යයි, අතිශයින් ප්රණීතයයි වැටහේද?”
“භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි නොකියන්නේ වේද.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ ගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයන්ගෙන් යම් මේ පුද්ගලයෙක් තෙම නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණය කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්යවූ ගුණය සුදුසු කල් පැමිණි කල්හි නොකියන ලද්දේ වේද, මේ පුද්ගල තෙම මේ සතර පුද්ගලයන්ගෙන් මා හට අතිශයින් යහපත්යයිද, අතිශයින් ප්රණීතයයිද වැටහේ. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස යම් මේ උපේක්ෂාවක් ඇද්ද, ඕ තොමෝ අතිශයින් යහපත්ය.”
“පොතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“පොතලිය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ, සත්යවූ නුගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද, ...පෙ... ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්යවූ ගුණ කල් පැමිණි කල්හි කියන්නේ වේද. පොතලිය, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
“පොතලිය, මේ සතර පුද්ගලයන්ගෙන් යම් මේ පුද්ගලයෙක් තෙම නුගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්යවූ නුගුණය කල් පැමිනි කල්හි කියන ලද්දේ වේද, ගුණ කිව යුත්තාගේ ඇත්තාවූ සත්යයවූ ගුණය කල් පැමිණි කල්හි කියන ලද්දේ වේද, මේ සතර පුද්ගලයන් අතරින් මෙතෙමේ අතිශයින් යහපත්ද, ප්රණිතද වේ. ඊට හේතු කවරේද? පොතලිය, යම් මේ ඒ ඒ තන්හි කල් දක්නා බවක් ඇද්ද, එය අතිශයින් යහපත්ය.”