4. 2. 4. 3.
3. අවණ්ණභණන සූත්රය
33. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“නොදැන, පරීක්ෂා නොකොට නුගුණ කිව යුත්තාගේ ගුණ කියයි. නොදැන, පරීක්ෂා නොකොට ගුණ කිව යුත්තාගේ අගුණ කියයි. නොදැන, පරීක්ෂා නොකොට අප්රසාදය පහළ කළ යුතු තැන ප්රසාදය පහළ කරයි. නොදැන, පරීක්ෂා නොකොට ප්රසාදය පහළ කළ යුතු තැන අප්රසාදය පහළ කරයි.
මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
දැන පරීක්ෂා කොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි. දැන පරීක්ෂා කොට ගුණ කිව යුත්තාගේ ගුණ කියයි. දැන පරීක්ෂා කොට නොපැහැදිය යුතු තැන නොපහදියි. දැන පරීක්ෂා කොට පැහැදිය යුතු තැන පහදියි.
මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.”
4. 2. 4. 4.
4. කොධ ගරුක සූත්රය
34. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“ක්රෝධය ගරුකොට ඇත්තේ වේ. සද්ධර්මය ගරුකොට නැත්තේ වේ. මකු ගතිය ගරුකොට ඇත්තේ වේ. සද්ධර්මය ගරුකොට නැත්තේ වේ. ලාභය ගරුකොට ඇත්තේ වේද. සද්ධර්මය ගරුකොට නැත්තේ වේ. සත්කාරය ගරුකොට ඇත්තේ වේ. සද්ධර්මය ගරුකොට නැත්තේ වේ.
මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
සද්ධර්මය ගරුකොට ඇත්තේ වේ. ක්රෝධය ගරුකොට නැත්තේ වේ. සද්ධර්මය ගරුවේ. මකු ගුණය ගරු නොවේ. සද්ධර්මය ගරු කරන්නේ වේ. ලාභය ගරු නොකරන්නේ වේ. සද්ධර්මය ගරු කරන්නේ වේ. සත්කාරය ගරු නොකරන්නේ වේ.
මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්ගයෙහි වේ.”