4. 2. 3. 10.
10. කම්බොජ ගමන සූත්‍රය
30. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්දො භාග්‍යවතුන් වහන්සේට එතදවොච.
“ස්වාමීනි, ස්ත්‍රියක් යම් හෙයකින් සභාවෙහි නොසිටීද, කර්‍මාන්ත නොයොදවයිද, පිටරට නොයයිද, ස්වාමීනි, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේදැ” යි ඇසූයේය.
“ආනන්‍දය, ස්ත්‍රිය ක්‍රොධ කරණ ස්වභාවය. [ආනන්‍දය, ස්ත්‍රිය ඊර්ෂ්‍යා සහගතය.] ආනන්‍දය, ස්ත්‍රිය මසුරුය. ආනන්‍දය, ස්ත්‍රිය මෝඩය.
“ආනන්‍දය, ස්ත්‍රිය යම් කරුණකින් සභාවෙහි නොහිඳීද, කර්‍මාන්ත නොයොදවයිද, පිටරට නොයයිද, ඊට හේතු මේය, ඊට ප්‍රත්‍යය මෙසේය.”
අටවෙනි අපණ්ණක වර්‍ගය නිමි.
එහි උද්දානය:
පධාන, දිට්ඨි, අසප්පුරිස, වධුක යයි සතරක්ද, අග්ග සූත්‍ර දෙකක්ද, කුසිනාරා, අචින්තිත, දක්ඛිණා, වණිජ්ජා සහ කම්බොජ සූත්‍රයෙන් වර්‍ගය වේ.
4. මචල වර්‍ගය
4. 2. 4. 1.
1. පඨම චතුධම්ම සමන්නාගත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
31. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද,
“මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
“මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන් වූයේ වේද,
“මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.”
4. 2. 4. 2.
2. දුතිය චතුධම්ම සමන්නාගත සූත්‍රය
32. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“බොරු කියන්නේ වේද, පිසුණු කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද,
මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
“මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
බොරු කීමෙන් වෙන්වූයේ වේද, පිසුණු වචන කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද,
මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.”
4. 2. 4. 3.
3. අවණ්ණභණන සූත්‍රය
33. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“නොදැන, පරීක්‍ෂා නොකොට නුගුණ කිව යුත්තාගේ ගුණ කියයි. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ කිව යුත්තාගේ අගුණ කියයි. නොදැන, පරීක්‍ෂා නොකොට අප්‍රසාදය පහළ කළ යුතු තැන ප්‍රසාදය පහළ කරයි. නොදැන, පරීක්‍ෂා නොකොට ප්‍රසාදය පහළ කළ යුතු තැන අප්‍රසාදය පහළ කරයි.