4. 1. 5. 3.
කොධගරුතා සූත්රය
43. “මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්,
ක්රෝධය ගරු කරන, ධර්මය ගරු නොකරන නොගන්නා පුද්ගලයාය, ගුණමකුබව ගරු කරන, ධර්මය ගරු නොකරන පුද්ගලයාය, ලාභය ගරු කරන, සද්ධර්මය ගරු නොකරන පුද්ගලයාය, සත්කාරය ගරු කරන, ධර්මය ගරු නොකරන පුද්ගලයාය යන මොහුය.
මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ.
“මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
ධර්මය ගරු කරණ, ක්රෝධය ගරු නොකරන පුද්ගලයාය, ධර්මය ගරු කරණ, ගුනමකු බව ගරු නොකරණ පුද්ගලයාය, ධර්මය ගරු කරණ, ලාභය ගරු නොකරණ පුද්ගලයාය, ධර්මය ගරු කරණ. සත්කාරය ගරු නොකරණ පුද්ගලයාය, යන සතර දෙනයි.
මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ.
“ක්රෝධය, ගුණමකු බව ගරු කරණ, ලාභ සත්කාර ගරු කරණ, ඒ භික්ෂූහු සම්යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මයෙහි නොවැඩෙත්.
යම් කෙනෙක් සද්ධර්මය ගරු කොට වාසය කළාහුද, වාසය කෙරෙත්ද, ඔවුහු ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධයන් වහන්සේ වදාළ ධර්මයෙහි වැඩෙත්. “
4. 1. 5. 4.
අසද්ධම්ම චතුක්ක සූත්රය
44. “මහණෙනි, මේ අසද්ධර්මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්,
ක්රෝධය ගරු කරන, සධර්මය ගරු නොකරණ බවය, ගුණමකු බව ගරු කරණ, ධර්මය ගරු නොකරණ බවය, ලාභය ගරු කරණ ධර්මය ගරු නොකරණ බවය, සත්කාරය ගරු කරණ, ධර්මය ගරු නොකරණ බවය,
මහණෙනි, මේ සතර අසද්ධර්මයෝයි.
“මහණෙනි, සද්ධර්ම සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්,
ධර්මය ගරු කරණ, ක්රෝධය ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, ගුණමකු බව ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, ලාභය ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, සත්කාරය ගරු නොකරණ බවය.
මහණෙනි, මේ සතර සද්ධර්මයෝයි.
“ක්රෝධය, ගුණමකු බව ගරු කරණ, ලාභ සත්කාරයන් ගරු කරණ, භික්ෂුව යහපත් කෙතෙක්හි කුණුවූ බීජයක් මෙන්, සද්ධර්මයෙහි නොවැඩෙයි.
යම් කෙණෙක් සද්ධර්මය ගරුකොට වාසය කළාහුද, වාසය කරත්ද, ඔවුහු ඒකාන්තයෙන් ඖෂධය තෛලයෙන් මිශ්රවූවාක් මෙන් ධර්මයෙහි වැඩෙත්.”
4. 1. 5. 5.
පළමුවෙනි රොහිතස්ස සූත්රය
45. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති රෝහිතස්ස නම් දිව්ය පුත්ර තෙම කාලය ඉක්ම ගිය රාත්රියෙහි බබලන ශරීර වර්ණයෙන් යුක්තව, ජේතවනය ආලෝක කොට භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි රොහිතස්ස දිව්ය පුත්ර තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.