4. 1. 3. 10.
සප්පීනියා තීර සූත්රය
30. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ ප්රසිද්ධ ප්රසිද්ධ පරිබ්රාජකයෝ සප්පීනියා ගං ඉවුරෙහි පරිබ්රාජකාරාමයෙහි වාසය කරත්. ඒ කවරහුද? අන්තභාර පරිබ්රාජකයාද, වරධර පරිබ්රාජකයාද, සකුළුදායී පරිබ්රාජකයාද, අනිකුත් ප්රසිද්ධ ප්රසිද්ධ පරිබ්රාජකයෝද වෙත්,
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැඟී සිටි සේක්, සප්පීනියා තොට පරිබ්රාජකාරාමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්යවතුන් වහන්සේ, ඒ පරිබ්රාජකයන්ට මේ කරුණු වදාළ සේක.
“පරිබ්රාජකවරුනි, අග්රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලද මේ ධර්ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“පරිබ්රාජකවරුනි, අනභිද්යාව (අලෝභය) යන ධර්ම පදය අග්රයයි දත යුතුය. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලදී. “පරිබ්රාජකවරුනි, අව්යාපාද යන ධර්ම පදය අග්රයයි දත යුතුයි. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලදී. “පරිබ්රාජකවරුනි, සම්මාසති යන ධම්ම පදය අග්රයයි දත යුතුයි. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලදී. “පරිබ්රාජකවරුනි, සම්මා සමාධි යන ධර්ම පදය අග්රයයි දත යුතුයි. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලදී.
“පරිබ්රාජකයෙනි, මේ ධර්ම පද සතර අග්රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දතයුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දතයුත්තාහ. බැහැර නොකට යුත්තාහ. පෙරද අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරින්නාහ. ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලදී.
“පරිබ්රාජකයෙනි, යමෙක් ‘මම මේ අනභිද්යා ධර්ම පදය ප්රතික්ෂෙප කොට අභිජ්ඣා බහුලවූ කාමයන්හි තියුණු රාග ඇති, ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, මම ඔහුට ඒ වචනයේදී ඒවා කියවා ප්රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය බලමි’ යි මෙසේ කියන්නෙමි.
‘පරිබ්රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් අනභිධ්යා ධර්ම පදය ප්රතික්ෂෙප කොට, අභිද්යා බහුලකොට ඇති, කාමයන්හි තියුණු රාග ඇති, ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.
“පරිබ්රාජකයෙනි, යමෙක් ‘මම මේ අව්යාපාද ධර්ම පදය ප්රතික්ෂෙප කොට ව්යාපාද සිත් ඇති, දූෂ්යවූ සිත් ඇති ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ‘ඒවා කියවා ප්රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නෙමි.
‘පරිබ්රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්යාපාද ධර්ම පදය ප්රතික්ෂෙප කොට, ව්යාපාද සිත් ඇති, දූෂ්යවූ සිත් ඇති ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත.
“පරිබ්රාජකයෙනි, යමෙක් ‘මම මේ සම්මා සති ධර්ම පදය ප්රතික්ෂෙප කොට මුළා සිහි ඇති, සම්යක් ප්රඥාව නැති, ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ‘ඒවා කියවා ප්රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දනිමි’ යි මෙසේ කියන්නෙමි.
‘පරිබ්රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්මා සති ධර්ම පදය ප්රතික්ෂෙප කොට, මුළා සිහි ඇති, සම්යක් ප්රඥා නැති, ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.”.