4. 1. 2. 9.
[තුන්වෙනි අගතිගමන සූත්රය]
19. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි.
මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.
“මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මෝහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද.
මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.
43. “ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්ෂයෙහි චන්ද්රයා මෙන් පිරිහෙයි..”
44. “ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්ෂයෙහි චන්ද්රයා සේ පිරෙයි.”
4. 1. 2. 10.
[භත්තුද්දේසක සූත්රය]
20. “මහණෙනි, මේ ධර්ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ප්රත්ය බෙදන්නා ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ නරකයේ උපදී. කවර සතරකින්ද යත්?
“ඡන්දයෙන් අගතියට යයිද, ද්වේෂයෙන් අගතියට යයිද, මෝහයෙන් අගතියට යයිද, භයෙන් අගතියට යයිද,
මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ නරකයෙහි උපදී.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ ස්වර්ගයෙහි උපදී. කවර කරුණු සතරකින්ද යත්.
ඡන්දයෙන් අගතියට නොයයි, ද්වේෂයෙන් අගතියට නොයයි, මෝහයෙන් අගතියට නොයයි, භයෙන් අගතියට නොයයි,
මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ සුගතියෙහි උපදී.
45. “වස්තුකාම, ක්ලේශකාමයන්හි සංයම නොවූ යම්කිසි ජන කෙනෙක් අධාර්මික වෙත්ද, අධර්මය ගරු කරන්නාහුද, ඡන්දයෙන්ද, ද්වේෂයෙන්ද, භයෙන්ද, මෝහයෙන්ද, අගතියට යනසුථ වෙත්ද, මෙතෙමේ පිරිස් කසටයයි කියනු ලැබේ.” “දන්නාසුථ ශ්රමණයන් වහන්සේ (බුදුන්) විසින් මෙසේ වදාරණ ලදී.
46. එසේ හෙයින් පැසසුම් ලැබිය යුතුවූ, ඒ යම් සත් පුරුෂයෝ ධර්මයෙහි සිටියාහු පව් නොකරත්ද, ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයින්, මෝහයෙන් අගතියට නොයන්නාහුද, මේ තෙමේ පිරිස් බබලවන්නායයි කියනු ලැබේ. දන්නාවූ ශ්රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.”
චර වර්ගය නිමි.
එහි උද්දානය:
චර, සීල, පධාන, සංවර හා පස්වැනි අග්ගපඤ්ඤත්තිය ද,
සොඛුම්ම, අගති තුන හා භත්තුද්දෙසක යැයි මේ දසයකි.
සොඛුම්ම, අගති තුන හා භත්තුද්දෙසක යැයි මේ දසයකි.