3. 8. 1-170.
මහණෙනි, රාගය විශේෂයෙන් දැනීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි.
කවර තුනක්ද?
සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය විශේෂයෙන් දැනීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය. මහණෙනි, රාගය සහමුලින්ම ක්‍ෂය කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය පහකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය ක්‍ෂයකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය ව්‍යය කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගයෙහි නොඇලීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය නිරුද්ධ කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය දුරුකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය අත්හැරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
ද්වේෂයේ -පෙ- මෝහයේ - ක්‍රෝධයේ - උපනාහයේ (බද්ධ වෛරයේ) - මක්ඛයේ (ගුණමකු බවේ) - පලාසයේ (එකට එක කිරීමේ) - ඊර්ෂ්‍යාවේ - මසුරුකමේ - මායාවේ - සාඨෙය්‍යයේ (කෛරාටික බවේ) - ථම්භයේ (දැඩි බවේ) - සාරම්භයේ (තරඟයට කිරීමේ) - මානයේ - අතිමානයේ - මදයේ - ප්‍රමාදයේ විශේෂයෙන් දැනීම පිණිස - පිරිසිඳ දැනීම පිණිස - සහමුලින් ක්‍ෂය කිරීම පිණිස - පහ කිරීම පිණිස - ක්‍ෂය කිරීම පිණිස - වැය කිරීම පිණිස - නොඇල්ම පිණිස - නිරුද්ධ කිරීම පිණිස - දුරු කිරීම පිණිස - අත්හැරීම පිණිස මේ ධර්ම තුන වැඩිය යුතු යි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
තික නිපාතය සමාප්තයි.
එකක නිපාතය ද, දුක නිපාතය ද, තික නිපාතය ද නිමාවට පත්විය.
[උද්දාන ගාථා]
1. ඥානයෙන් මනාව බලා දක්නා හෙයින් පරම විශුද්ධ දර්ශන ඇති සර්වඥයන් වහන්සේ විසින් උතුම් අංගුත්තර නිකායෙහි නිපාත එකොළහක් වදාරන ලදී. මුල සිට ඒ නිපාතයන් උද්දාන ගාථා (සාරාංශ ගාථා) වශයෙන් අසව්:
[එකක නිපාතය]
2. ස්ත්‍රී රූපය, පුරුෂ රූපය, පංච නීවරණ සූත්‍ර, අකම්මනිය ආදී සූත්‍ර පස හා පස, අදන්ත ආදී චිත්ත සූත්‍ර. (මෙහි පළමු වර්ගයෙහි ස්ත්‍රී රූප ආදී පහක් හා පුරුෂ රූප ආදී පහක් වශයෙන් සූත්‍ර දහයක්, දෙවන වර්ගයෙහි පංච නීවරණයන්ගේ ඉපදීම හා නූපදීම අනුව සූත්‍ර දහයක්, තෙවන වර්ගයෙහි සිතේ අකම්මනිය (වැඩට නොනැමෙන) බව ආදී භේදයෙන් සූත්‍ර දහයක්, සිවුවන වර්ගයෙහි සිතේ නොදැමුණු බව ආදී භේදයෙන් සූත්‍ර දහයක් යැයි මේ සියල්ල හතළිහකි.)
3. සූක, පදුට්ඨ, රහද, ඵන්දන, ලහු(පරිවත්ත), පභස්සර (සූත්‍ර) ද, ආසේවති, භාවේති, මනසිකරෝති යන (සූත්‍ර) ද, ‘භාගී’ යන්නෙන් ගත් අනෙක් (සූත්‍ර) දෙක ද,
4. ‘උප්පජ්ජන්ති’, ‘පරිහානි’, ‘අනත්ථාය’, ‘අසම්මෝසාය’ යන පදවලින් ගත් (සූත්‍ර) ද වෙයි. මේ සතර මුඛයෝ ‘චතුකෝටි’ නම් වෙති; ඒවා සියලු සූත්‍රවල පවතියි.
5. අධම්ම, අවිනය (යන පදවලින් ගත් සූත්‍ර) ද, භාසිත, ආචිණ්ණ, පස්වැනි වූ පඤ්ඤත්ත (යන පදවලින් ගත් සූත්‍ර) ද, ආපත්ති, ලහුක, දුට්ඨුල්ල (යන පදවලින් ගත් සූත්‍ර) ද, සාවසේස ආදී ක්‍රමයෙන් (ගත් සූත්‍ර) ද,
6. (දහතුන්වන වර්ගයේ මුල) ‘පුග්ගල’ පදයෙන් යුත් සූත්‍රය, (එහි අග) ‘සාරිපුත්ත’ පදයෙන් ගත් සූත්‍රය, එසේම ‘එතදග්ග’ පාළියෙහි එන සූත්‍ර, අට්ඨාන පාළි සූත්‍ර, ‘නිබ්බිදාය - සම්බොධාය’ යන පදයෙන් බෙදූ සූත්‍ර, ‘අනුප්පන්න - කුසල’ යන පදයෙන් බෙදූ සූත්‍ර. (මෙහි ‘අනුප්පන්න අකුසල’ ආදී ප්‍රතිවිරුද්ධ පක්ෂය ද ඇතුළත් වේ.)