3. 7. 5.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයිද, කාමයන්හි වරදවා හැසිරීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 6.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 7.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් බොරු කියන්නේ වෙයිද, අනුන්ද බොරු කීමෙහි සමාදන් කරවයිද, බොරුකීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 8.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් බොරු කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, බොරු කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 9.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කේලාම් කියන්නේ වෙයිද, අනුන්ද කේලාම් කීමෙහි සමාදන් කරවයිද, කේලාම් කීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 10.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, කේලාම් කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 11.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ඵරුෂ වචන කියන්නේ වෙයිද, අනුන්ද ඵරුෂ වචන කීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචන කීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 12.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ඵරුෂ වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචන කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 13.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ප්රලාප කියන්නේ වෙයිද, අනුන්ද ප්රලාප කීමෙහි සමාදන් කරවයිද, ප්රලාප කීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 14.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ප්රලාප කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ප්රලාප කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ප්රලාප කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 15.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් අභිද්යාව බහුලකොට ඇත්තේ වෙයිද, අනුන්ද අභිද්යාව බහුලකොට හැසිරීමෙහි සමාදන් කරවයිද, අභිද්යාව බහුලකොට හැසිරිම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 16.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් අභිද්යාව බහුලකොට නැත්තෙක් වෙයිද, අනුන්ද අභිද්යාව බහුලකොට නැතිකිරීමෙහි සමාදන් කරවයිද, අභිද්යාව බහුලකොට නැතිකිරීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එුන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 17.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ව්යාපාද සිත් ඇත්තෙක් වෙයිද, අනුන්ද අනුන්ද ව්යාපාද සිත් ඇතිකිරීමෙහි සමාදන් කරවයිද, ව්යාපාද සිත් ඇතිවිම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 18.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ව්යාපාද සිත් නැත්තේ වෙයිද, අනුන්ද ව්යාපාද සිත් නැතිකිරීමෙහි සමාදන් කරවයිද, ව්යාපාද සිත් නැතිකිරීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”