3. 7. 18.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ව්‍යාපාද සිත් නැත්තේ වෙයිද, අනුන්ද ව්‍යාපාද සිත් නැතිකිරීමෙහි සමාදන් කරවයිද, ව්‍යාපාද සිත් නැතිකිරීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි.”
3. 7. 19.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් මිත්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයිද, අනුන්ද මිත්‍යාදෘෂ්ටි ගැනීමෙහි සමාදන් කරවයිද, මිත්‍යාදෘෂ්ටි ගැනීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 20.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් සම්‍යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයිද, අනුන්ද සම්‍යක්දෘෂ්ටික වීමෙහි සමාදන් කරවයිද, සම්‍යක් දෘෂ්ටික වීම අනුමෝදන් වෙයිද,
“මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි.”
කම්මපථ පෙය්‍යාල වර්‍ගය නිමි.
8. රාග පෙය්‍යාල වර්‍ගය
3. 8. 1-170.
මහණෙනි, රාගය විශේෂයෙන් දැනීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි.
කවර තුනක්ද?
සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය විශේෂයෙන් දැනීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය. මහණෙනි, රාගය සහමුලින්ම ක්‍ෂය කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය පහකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය ක්‍ෂයකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය ව්‍යය කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගයෙහි නොඇලීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය නිරුද්ධ කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය දුරුකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය අත්හැරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
ද්වේෂයේ -පෙ- මෝහයේ - ක්‍රෝධයේ - උපනාහයේ (බද්ධ වෛරයේ) - මක්ඛයේ (ගුණමකු බවේ) - පලාසයේ (එකට එක කිරීමේ) - ඊර්ෂ්‍යාවේ - මසුරුකමේ - මායාවේ - සාඨෙය්‍යයේ (කෛරාටික බවේ) - ථම්භයේ (දැඩි බවේ) - සාරම්භයේ (තරඟයට කිරීමේ) - මානයේ - අතිමානයේ - මදයේ - ප්‍රමාදයේ විශේෂයෙන් දැනීම පිණිස - පිරිසිඳ දැනීම පිණිස - සහමුලින් ක්‍ෂය කිරීම පිණිස - පහ කිරීම පිණිස - ක්‍ෂය කිරීම පිණිස - වැය කිරීම පිණිස - නොඇල්ම පිණිස - නිරුද්ධ කිරීම පිණිස - දුරු කිරීම පිණිස - අත්හැරීම පිණිස මේ ධර්ම තුන වැඩිය යුතු යි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
තික නිපාතය සමාප්තයි.
එකක නිපාතය ද, දුක නිපාතය ද, තික නිපාතය ද නිමාවට පත්විය.