3. 6. 7.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සම්මා දිට්ඨිය වඩයිද, සම්මා සංකප්පය වඩයිද, සම්යක් වචනය වඩයිද, සම්යක් කර්මාන්තය වඩයිද, සම්යක් ආජීවය වඩයිද, සම්මා සතිය වඩයිද, සම්මා සමාධිය වඩයිද, මහණෙනි, මේ මධ්යම ප්රතිපදාවයයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහි ත්රිවිධ ප්රතිපදාවයි.”
[පටිපදා] වග්ගො ඡට්ඨො.
[7. කම්මපථ පෙය්යාල වර්ගය]
3. 7. 1.
164-183. “මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.
කවර තුනකින්ද?
“තෙමේත් සතුන් මරන්නේ වෙයිද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීම අනුමෝදන් වෙයිද,
මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 2.
කරුණු තුනකින් යුත් පුද්ගල තෙමේ ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද?
“තෙමේත් ප්රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ප්රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ප්රාණඝාතයෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 3.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් සොරකම් කරන්නේ වෙයිද, අනුන්ද සොරකම් කිරීමෙහි සමාදන් කරවයිද, සොරකම් කිරීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 4.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද සොරකම් කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, සොරකම් කිරීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 5.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයිද, කාමයන්හි වරදවා හැසිරීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 6.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 7.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් බොරු කියන්නේ වෙයිද, අනුන්ද බොරු කීමෙහි සමාදන් කරවයිද, බොරුකීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 8.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් බොරු කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, බොරු කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 9.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කේලාම් කියන්නේ වෙයිද, අනුන්ද කේලාම් කීමෙහි සමාදන් කරවයිද, කේලාම් කීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 10.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, කේලාම් කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”