3. 6. 4.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සද්ධින්ද්රිය වඩයිද, විරියින්ද්රිය වඩයිද, සතින්ද්රිය වඩයිද, සමාධින්ද්රිය වඩයිද, පඤ්ඤින්ද්රිය වඩයිද...
3. 6. 5.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සද්ධා බලය වඩයිද, විරිය බලය වඩයිද, සති බලය වඩයිද, සමාධි බලය වඩයිද, පඤ්ඤා බලය වඩයිද...
3. 6. 6.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සති සම්බොජ්ඣඞ්ගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩයිද, විරිය සම්බොජ්ඣඞ්ගය වඩයිද, පීති සම්බොජ්ඣඞ්ගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩයිද, සමාධි සම්බොජ්ඣඞ්ගය වඩයිද, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයිද...
3. 6. 7.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සම්මා දිට්ඨිය වඩයිද, සම්මා සංකප්පය වඩයිද, සම්යක් වචනය වඩයිද, සම්යක් කර්මාන්තය වඩයිද, සම්යක් ආජීවය වඩයිද, සම්මා සතිය වඩයිද, සම්මා සමාධිය වඩයිද, මහණෙනි, මේ මධ්යම ප්රතිපදාවයයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහි ත්රිවිධ ප්රතිපදාවයි.”
[පටිපදා] වග්ගො ඡට්ඨො.
[7. කම්මපථ පෙය්යාල වර්ගය]
3. 7. 1.
164-183. “මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.
කවර තුනකින්ද?
“තෙමේත් සතුන් මරන්නේ වෙයිද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීම අනුමෝදන් වෙයිද,
මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 2.
කරුණු තුනකින් යුත් පුද්ගල තෙමේ ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද?
“තෙමේත් ප්රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ප්රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ප්රාණඝාතයෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”