3. 6. 2.
මහණෙනි, මේ ප්රතිපදා තුනකි.
කවර තුනක්ද?
ආහාළ්හ පටිපදා, නිජඣාම පටිපදා, මජ්ඣිම පටිපදා යනුයි.
මහණෙනි, ආහාළ්හ පටිපදාව නම් කවරේද? (පෙර පරිදි දතයුතුයි) ... මහණෙනි, මේ ආහාළ්හ පටිපදාවයි.
මහණෙනි, නිජ්ඣාම පටිපදාව නම් කවරේද? (පෙර පරිදි දතයුතුයි) ... මහණෙනි, මේ නිජ්ඣාම පටිපදාව යයි කියනු ලැබේ.
මහණෙනි, මධ්යම ප්රතිපදාව නම් කවරීද?
5. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් ලාමක අකුශල ධර්මයන් පහකිරීම පිණිස... නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස... උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නුමුළාව පිණිස, බොහෝවීම පිණිස, මහත්වීම, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද,
3. 6. 3.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඎද්ධිපාදය වඩයිද, වීර්ය්යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඎද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඎද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඎද්ධිපාදය වඩයිද...
3. 6. 4.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සද්ධින්ද්රිය වඩයිද, විරියින්ද්රිය වඩයිද, සතින්ද්රිය වඩයිද, සමාධින්ද්රිය වඩයිද, පඤ්ඤින්ද්රිය වඩයිද...
3. 6. 5.
[මහණෙනි, මේ ප්රතිපදා තුනකි...]
සද්ධා බලය වඩයිද, විරිය බලය වඩයිද, සති බලය වඩයිද, සමාධි බලය වඩයිද, පඤ්ඤා බලය වඩයිද...