2. 3. 15. 5.
54. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අවිහිංසාව (කුළුණු සිත් පෙරදැරි බව) ද, සුචිභාවය (ශීල වශයෙන් පිරිසිදු බව) ද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 6.
55. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඉන්‍ද්‍රියයන්හි නොවසනලද දොර ඇති බවද, භෝජනයෙහි පමණ නොදන්නා බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 7.
56. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඉන්‍ද්‍රියයන්හි වසනලද දොර ඇති බවද, භෝජනයෙහි පමණ දන්නා බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 8.
57. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 9.
58. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ස්මෘති බලයද, සමාධි බලයද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 10.
59. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “සමථය (සිතෙහි එකඟ බව) ද, විපස්සනාවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 11.
60. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “සීල විපත්තිය, (දුශ්ශීල බව)ද, දිට්ඨි විපත්තිය (මිත්‍යාදෘෂ්ටිය)ද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 12.
61. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “සීල සම්පත්තිය ද, සම්‍යක්දෘෂ්ටියද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 13.
62. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ‘සීලවිසුද්ධිය (විශුද්ධියට පමුණුවන ශීලය) ද, දිට්ඨිවිසුද්ධිය (විශුද්ධියට පමුණුවන මාර්‍ග සම්‍යක් දෘෂ්ටිය) ද, (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 14.
63. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “දෘෂ්ටිවිසුද්ධිය (විශුද්ධියට පමුණුවන මාර්‍ග සම්‍යක් දෘෂ්ටිය)ද, දෘෂ්ටියට අනුරූප වූවහුගේ ප්‍රධාන වීර්‍ය්‍යයද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 15.
64. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අර්හත් මාර්‍ගය හැර සෙසු කුසල ධර්‍මයන්හි නොසතුටු බවද, ප්‍රධාන වීර්‍ය්‍යයෙහි නොපසුබස්නා බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 16.
65. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මුළාවූ සිහි ඇති බවද, සම්‍යක් ප්‍රඥාව නැති බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 17.
66. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “සිහි ඇති බවද, සම්‍යක් ප්‍රඥා ඇති බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
පස්වෙනි සමාපත්ති වර්‍ගය නිමි.
තුන්වැනි පණ්ණාසකය සමාප්තයි.