2. 3. 14. 9.
46. “මහණෙනි, මේ වැඩීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිසයෙන් වැඩීමද, ධර්‍මයෙන් ඩැඩීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි වැඩීම් වෙත්. මහණෙනි, මේ වැඩීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් වැඩීමක් වේද, මෙය අග්‍රය.”
2. 3. 14. 10.
47. “මහණෙනි, මේ රත්නයෝ (ඇලුම් කරණු ලබන්නෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස රත්නයද, ධර්‍ම රත්නයද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි රත්නයෝ වෙත්. මහණෙනි, මේ රත්න දෙදෙන අතුරෙන් යම් මේ ධර්‍ම රත්නයක් වේද, මෙය අග්‍රය.”
2. 3. 14. 11.
48. “මහණෙනි, මේ රැස්කිරීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය රැස්කිරීමද, ධර්‍මය රැස්කිරීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි රැස්කිරීම් වෙත්. මහණෙනි, මේ රැස්කිරීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍මය රැස්කිරීමක් වේද, මෙය අග්‍රය.”
2. 3. 14. 12.
49. “මහණෙනි, මේ මහත් භාවයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිසයෙහි මහත් බවද, ධර්‍මයෙහි මහත් බවද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි මහත් භාවයෝ වෙත්. මහණෙනි, මේ මහත් භාව දෙක අතුරෙන් යම් මේ ධර්‍ම මහත් භාවයක් වේද, මෙය අග්‍රය.”
සතර වැනි සන්ථාර වර්‍ගය නිමි
(15) 5. සමාපත්ති වර්‍ගය
[සැවැත්නුවර නිදානයි]
2. 3. 15. 1.
50. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ‘සමවතට සමවැදීමෙහි දක්‍ෂ බවද, සමවතින් නැගීමෙහි දක්‍ෂ බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 2.
51. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ‘ඎජු බවද, මෘදු බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 3.
52. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඉවසන බවද, සුසිල්වත් බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 4.
53. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “මොළොක් බස් කීම් වශයෙන් සතුටුවන බවද, පිළිසඳර කිරීමද, (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 5.
54. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “අවිහිංසාව (කුළුණු සිත් පෙරදැරි බව) ද, සුචිභාවය (ශීල වශයෙන් පිරිසිදු බව) ද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 6.
55. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඉන්‍ද්‍රියයන්හි නොවසනලද දොර ඇති බවද, භෝජනයෙහි පමණ නොදන්නා බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 7.
56. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ඉන්‍ද්‍රියයන්හි වසනලද දොර ඇති බවද, භෝජනයෙහි පමණ දන්නා බවද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 8.
57. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”
2. 3. 15. 9.
58. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ස්මෘති බලයද, සමාධි බලයද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි, ධර්මයෝ වෙත්”