2. 3. 13. 2.
29. “මහණෙනි, මේ යාගයෝ (පිදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස යාගයද, ධර්ම යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි යාගයෝ වෙත්. මහණෙනි, මේ පිදීම් දෙක අතුරින් යම් මේ ධර්මයෙන් පිදීමක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 3.
30. “මහණෙනි, මේ තෑගි දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස තෑග්ගද, ධර්ම තෑග්ගද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි තෑගි වෙත්. මහණෙනි, මේ තෑගි දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් කරණ තෑග්ගක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 4.
31. “මහණෙනි, මේ පරිත්යාගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස පරිත්යාගයද, ධර්ම පරිත්යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පරිත්යාගයෝ වෙත්. මහණෙනි, මේ පරිත්යාග දෙක අතුරෙන් යම් මේ ධර්ම පරිත්යාගයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 5.
32. “මහණෙනි, මේ භෝගයෝ (වැළඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස භෝගයද, ධර්ම භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි භෝගයෝ වෙත්. මහණෙනි, මේ වැළඳීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම භෝගයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 6.
33. “මහණෙනි, මේ සම්භෝගයෝ (මනා බුදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සම්භෝගයද, ධර්ම සම්භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්භෝගයෝ වෙත්. මහණෙනි, මේ සම්භෝග (සමගිව වැළඳීම්) දෙක අතුරෙන් යම් මේ ධර්ම සම්භෝගයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 7.
34. “මහණෙනි, මේ සංවිභාගයෝ (බෙදාඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස බෙදාදීමද, ධර්ම බෙදාදීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි බෙදාදීම් වෙත්. මහණෙනි, මේ බෙදාදීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම බෙදාදීමක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 8.
35. “මහණෙනි, මේ සංග්රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සංග්රහයද, ධර්ම සංග්රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සංග්රහයෝ වෙත්. මහණෙනි, මේ සංග්රහ දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් සංග්රහ කිරීමක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 9.
36. “මහණෙනි, මේ අනුග්රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස අනුග්රහයද, ධර්ම අනුග්රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි අනුග්රහයෝ වෙත්. මහණෙනි, මේ අනුග්රහ දෙක අතුරෙන් යම් මේ ධර්ම අනුග්රහයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 10.
37. “මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස අනුකම්පාවද, ධර්ම අනුකම්පාවද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි අනුකම්පාවෝ වෙත්. මහණෙනි, මේ අනුකම්පා දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් අනුකම්පා කිරීමක් වේද, මෙය අග්රය.”
තුන්වැනි දාන වර්ගය නිමි.
(14) 4. සන්ථාර වර්ගය
[සැවැත්නුවර නිදානයි]
2. 3. 14. 1.
38. “මහණෙනි, මේ ඇතිරීම් (සඳර) දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස සන්ථාරයද, ධර්ම සන්ථාරයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි ඇතිරීම් වෙත්. මහණෙනි, මේ ඇතිරීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම ඇතිරීමක් වේද, මෙය අග්රය.”
2. 3. 14. 2.
39. “මහණෙනි, මේ පිළිසඳර දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය පිළිබඳ පිළිසඳරද, ධර්මය පිළිබඳ පිළිසඳරද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පිළිසඳරයෝ වෙත්. මහණෙනි, මේ පිළිසඳර දෙක අතුරෙන් යම් මේ ධමයෙන් කරණු ලබන පිළිසඳරක් වේද, මෙය අග්රය.”
2. 3. 14. 3.
40. “මහණෙනි, මේ සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය සෙවීමද, ධර්මය සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සෙවීම් වෙත්. මහණෙනි, මේ සෙවීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම සෙවීමක් වේද, මෙය අග්රය.”
2. 3. 14. 4.
41. “මහණෙනි, මේ හාත්පස පවත්නා සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය පරියෙසනාවද, ධර්ම හාත්පස සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සෙවීම් නම් වෙත්. මහණෙනි, මේ හාත්පස සෙවීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම හාත්පස සෙවීමක් වේද, මෙය අග්රය.”
2. 3. 14. 5.
42. “මහණෙනි, මේ සම්පූර්ණවූ සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සම්පූර්ණ සිවුපසය සෙවීමද, සම්පූර්ණ ධර්මය සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්පූර්ණවූ සෙවීම් දෙකක් වෙත්. මහණෙනි, මේ සම්පූර්ණ සෙවීම් දෙක අතුරෙන් යම් මේ සම්පූර්ණ ධර්මය සෙවීමක් වේද, මෙය අග්රය.”