2. 3. 12. 6.
19. “මහණෙනි, කරුණු දෙකකින් යුක්තවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ, අඥානතෙම, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් රක්ෂා කෙරෙයි. ප්රාඥයන් විසින් වරද පැමිණවිය යුත්තෙක්, උපවාද කටයුත්තෙක්ද වේ. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර කරුණු දෙකකින්ද යත්, “නොමදැන විනිශ්චයට නොපැමිණ, නොපැහැදියයුතු කාරණයෙහි ප්රසාදය ඉපදවීමද, නොමදැන විනිශ්චයට නොඑළඹ, පැහැදියයුතු කාරණයෙහි අප්රසාදය ඉපදවීමද (යන දෙකෙනි.) “මහණෙනි, මේ කරුණු දෙකින් යුත්, අව්යක්තවූ, අසත්පුරුෂවූ, බාල තෙම, උදුරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් පෝෂණය කෙරෙයි. ප්රාඥයන්ට සදොස් කෙනෙක්ද වේ. උපවාද සහිත වූවෙක්ද වේ. (හෙතෙම) බොහෝ අකුසල්ද රැස්කෙරෙයි.”
2. 3. 12. 7.
20. “මහණෙනි, දෙකරුණකින් යුක්තවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ ප්රාඥතෙම, නොම සාරාදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කරයි. නුවණැතියන්ට උපවාද රහිතවූයේ, නිරවද්යවූයේද වේ. බොහෝ කුසල්ද රැස්කරයි. කවර දෙකරුණකින්ද යත්, “දැන තීරණයට එළඹ නොපැහැදියයුතු කරුණෙහි අප්රසාදය ඉපදවීමද, දැන තීරණයට පැමිණ, පැහැදියයුතු කරුණෙහි ප්රසාදය ඉපදවීමද (යන දෙකෙනි.) “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූ, ව්යක්තවූ, සත්පුරුෂ වූ ප්රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති නොම නසනලද ගුණ ඇති, ආත්මයක් පෝෂණය කෙරෙයි. ප්රාඥයන්ට උපවාද රහිත වූයේ, නිරවද්යවූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරේ.”
2. 3. 12. 8.
21. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි වරදවා පිළිපදනාවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ, බාල තෙම සාරා (උදුරා) දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද සහිතවූයේ, වරද සහිතවූයේද වේ. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “මව කෙරෙහිද, පියා කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, වරදවා පිළිපදනාවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාලතෙම, සාරා දමනලද ගුණ ඇති, නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. ප්රාඥයන්ට උපවාද සහිතවූයේ, වරද සහිත වූයේද වෙයි. හෙතෙම බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 9.
22. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි මනාසේ පිළිපදනාවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ, ප්රාඥතෙම සාරා නොදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “මව කෙරෙහිද, පියා කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, මනාසේ පිළිපදනාවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ ප්රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති, නොම නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 10.
23. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි වරදවා පිළිපදනාවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ, බාල තෙම සාරා (උදුරා) දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද සහිතවූයේ, වරද සහිතවූයේද වේ. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “තථාගතවන් වහන්සේ කෙරෙහිද, තථාගත ශ්රාවයක් වහන්සේ කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, වරදවා පිළිපදනාවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාලතෙම, සාරා දමනලද ගුණ ඇති, නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. ප්රාඥයන්ට උපවාද සහිතවූයේ, වරද සහිත වූයේද වෙයි. හෙතෙම බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 11.
24. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි මනාසේ පිළිපදනාවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ, ප්රාඥතෙම සාරා නොදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “තථාගතවන් වහන්සේ කෙරෙහිද, තථාගත ශ්රාවයක් වහන්සේ කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, මනාසේ පිළිපදනාවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ ප්රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති, නොම නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 12.
25. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ස්වකීය චිත්තයාගේ පිරිසිදු බවද, ලෝකයෙහි කිසිවක් දැඩි (උපාදාන වශයෙන්) නොගැනීමද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්ම දෙකකි.”
2. 3. 12. 13.
26. “මහණෙනි, මේ ධර්මයෝ (ස්වභාවයෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්රෝධයද, බද්ධ වෛරයද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්ම දෙකකි.”
2. 3. 12. 14.
27. “මහණෙනි, මේ ධර්මයෝ (ස්වභාවයෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්රෝධය මැඩ පැවැත්වීමද, බද්ධ වෛරය මැඩලීමද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්ම දෙකකි.”
දෙවැනි ආයාචන වර්ගයයි.