2. 3. 12. 10.
23. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි වරදවා පිළිපදනාවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ, බාල තෙම සාරා (උදුරා) දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද සහිතවූයේ, වරද සහිතවූයේද වේ. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “තථාගතවන් වහන්සේ කෙරෙහිද, තථාගත ශ්රාවයක් වහන්සේ කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, වරදවා පිළිපදනාවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාලතෙම, සාරා දමනලද ගුණ ඇති, නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. ප්රාඥයන්ට උපවාද සහිතවූයේ, වරද සහිත වූයේද වෙයි. හෙතෙම බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 11.
24. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි මනාසේ පිළිපදනාවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ, ප්රාඥතෙම සාරා නොදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “තථාගතවන් වහන්සේ කෙරෙහිද, තථාගත ශ්රාවයක් වහන්සේ කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, මනාසේ පිළිපදනාවූ, ව්යක්තවූ, සත්පුරුෂවූ ප්රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති, නොම නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 12.
25. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ස්වකීය චිත්තයාගේ පිරිසිදු බවද, ලෝකයෙහි කිසිවක් දැඩි (උපාදාන වශයෙන්) නොගැනීමද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්ම දෙකකි.”
2. 3. 12. 13.
26. “මහණෙනි, මේ ධර්මයෝ (ස්වභාවයෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්රෝධයද, බද්ධ වෛරයද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්ම දෙකකි.”
2. 3. 12. 14.
27. “මහණෙනි, මේ ධර්මයෝ (ස්වභාවයෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්රෝධය මැඩ පැවැත්වීමද, බද්ධ වෛරය මැඩලීමද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්ම දෙකකි.”
දෙවැනි ආයාචන වර්ගයයි.
(13) 3. දාන වර්ගය
[සැවැත්නුවර නිදානයි]
2. 3. 13. 1.
28. “මහණෙනි, මේ දාන දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපස දානයද, ධර්ම දානයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි දානයෝ වෙත්. මහණෙනි, මේ දාන දෙක අතුරින් යම් මේ ධර්ම දානයක් වේද, මෙය අග්ර වෙයි.”
2. 3. 13. 2.
29. “මහණෙනි, මේ යාගයෝ (පිදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස යාගයද, ධර්ම යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි යාගයෝ වෙත්. මහණෙනි, මේ පිදීම් දෙක අතුරින් යම් මේ ධර්මයෙන් පිදීමක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 3.
30. “මහණෙනි, මේ තෑගි දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස තෑග්ගද, ධර්ම තෑග්ගද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි තෑගි වෙත්. මහණෙනි, මේ තෑගි දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් කරණ තෑග්ගක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 4.
31. “මහණෙනි, මේ පරිත්යාගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස පරිත්යාගයද, ධර්ම පරිත්යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පරිත්යාගයෝ වෙත්. මහණෙනි, මේ පරිත්යාග දෙක අතුරෙන් යම් මේ ධර්ම පරිත්යාගයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 5.
32. “මහණෙනි, මේ භෝගයෝ (වැළඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස භෝගයද, ධර්ම භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි භෝගයෝ වෙත්. මහණෙනි, මේ වැළඳීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම භෝගයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 6.
33. “මහණෙනි, මේ සම්භෝගයෝ (මනා බුදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සම්භෝගයද, ධර්ම සම්භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්භෝගයෝ වෙත්. මහණෙනි, මේ සම්භෝග (සමගිව වැළඳීම්) දෙක අතුරෙන් යම් මේ ධර්ම සම්භෝගයක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 7.
34. “මහණෙනි, මේ සංවිභාගයෝ (බෙදාඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස බෙදාදීමද, ධර්ම බෙදාදීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි බෙදාදීම් වෙත්. මහණෙනි, මේ බෙදාදීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම බෙදාදීමක් වේද, මෙය අග්රය.”
2. 3. 13. 8.
35. “මහණෙනි, මේ සංග්රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සංග්රහයද, ධර්ම සංග්රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සංග්රහයෝ වෙත්. මහණෙනි, මේ සංග්රහ දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් සංග්රහ කිරීමක් වේද, මෙය අග්රය.”